
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ පටයක් පළමු වරට ප්‍රසිද්ධියට පත් වී ඇත. එම වීඩියෝ පටය ඉරානයේ 'මෙහර්' පුවත් සේවය ප්‍රසිද්ධියට පත් කළ බව ද පැවැසෙයි. ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මොජ්තාබා කමේනිගේ වීඩියෝවක් ප්‍රසිද්ධියට පත් වූ පළමු අවස්ථාව මෙයයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් මොජ්තාබා කමේනි දරුණු ලෙස තුවාල ලබා සිටින බව ඇමෙරිකාව මෙන්ම ඊශ්‍රායලය ද දිගින් දිගටම පවසයි. මොජ්තාබා කමේනි වීඩියෝවක් පළ කළේ එවැනි අවස්ථාවකය. තත්පර 12 ක මෙම කෙටි වීඩියෝවේ ඇත්තේ මොජ්තාබා කමේනි සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් සහ නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡාවක නිරත වන අයුරුය. වීඩියෝවට අනුව ඔහු ඉතා සන්සුන්ව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දැකිය හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd