IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ජපානය හෙල්ලෙයි

ජපානයට දකුණින් මුහුදු පත්ලේ රිච්ටර් මාපකියේ 7.8 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා කාර්යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි. භූමිකම්පාව සිදුවෙද්දී ජපානයේ අගනුවර ටෝකියෝ නගරයේ ගොඩනැගිලි විනාඩියක පමණ කාලයක් හෙල්ලී ගිය බවත් කම්පනය රට පුරා පැතිර ගිය බවත් එම වාර්තාවල දැක්වේ.

භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහටියේ ටෝකියෝ නගරයට කිලෝ මීටර 874 ක් දුරිනි. භූමිකම්පාවෙන් දරුණු විනාශයන් වාර්තා වී නැතත් ටෝකියෝ නගරයේ උමං දුම්රිය ගමන් විනාඩි කිහිපයකට නතර කැර දැමිණි. දුම්රිය මාර්ගවලට හානි සිදුව ඇත්දැයි සොයා බැලීමටත් භූමි කම්පාවත් සමග විනාඩි කිහිපයක් විදුලිය අක්‍රියවීමත් ඊට හේතු විය. ටෝකියෝ පොලිසිය පවසන්නේ ගොඩනැගිලි දෙපසට දෝලනය වෙද්දී බිම ඇදවැටී තුවාල ලැබූ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

මෙම භූ කම්පන තත්වය හේතුවෙන් වු විදුලිය ඇන හිටීම හේතුවෙන් ටෝකියෝ සිට ඔසාකා වෙත දිවෙන අධිවේගි දුම්රිය මද වේලාවක් නතර ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිනි

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයේ නවොකි හිරාටා පැවසුවේ මෙම භූ කම්පනය අති ප්‍රබල එකක් බවත්, කම්පන තත්වය විශාල ප්‍රදේශයට දැනුනු බවත්, වාසනාවකට එහි ගැඹුර වැඩිවිමේ ප්‍රතිපලයක් ලෙස සුනාමි තත්වයක් ඇති නොවු බවත්ය.

ජපානය ලෝකයේ භූ කම්පන පිලිබඳ වැඩිම අවධානයකින් පසුව රටයි.

2011 මාර්තුවේ වු 9.0 ක් ලෙස රිච්ටර් මාපකයේ සටහන් වු ජපානයේ භුකම්පාවෙන් ඇතිවු සුනාමි තත්වයෙන් පුද්ගලයින් 20,000 ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. මෙ මගින් ෆුකොහිමා ඩයි ඉචි න්‍යෂ්ඨික බලාගාරයටද හානි විය.



අදහස් (0)

ජපානය හෙල්ලෙයි

පහන් Sunday, 31 May 2015 08:26 AM

ඩොල්පින් සහ තල්මස්සු මරණ එක දැන්වත් ඇත ඇරලා දැම්මොත් හොඳයි. (ත)

:       0       0

චාමික Sunday, 31 May 2015 02:02 PM

පහන්, කුකුල්ලු මරාගෙන ගිලින එක එක, බල මාළු කන එක හාල්මැස්සෝ කන එක විතරද හොද එතකොට ? එහෙම මස් මාළු කන හින්ද භූමිකම්පා වෙනවා නම් එක රටකවත් ඉතුරු වෙන්නේ නැහැ.(කේ)

:       0       0

චාමික Sunday, 31 May 2015 02:02 PM

පහන්, කුකුල්ලු මරාගෙන ගිලින එක, බල මාළු කන එක හාල්මැස්සෝ කන එක විතරද හොඳ එතකොට? එහෙම මස් මාළු කන හින්දා භූමිකම්පා වෙනවා නම් එක රටකවත් ඉතුරු වෙන්නේ නැහැ. (නි)

:       0       0

හෙසාන් Sunday, 31 May 2015 04:31 PM

සත්තු මරණ නිසා භුමිකම්පා ඇති නවා නම්, මුළු ලොවම ගිලිලා ගොඩක් කල්. අනික ශ්‍රී ලංකාවේ මිනිස්සුත් මරන්නේ සත්තු මරනවා වගේනේ. (නි)

:       0       0

පහන් Sunday, 31 May 2015 04:57 PM

චාමික ,කවුද එහෙම කියලා තියෙන්නේ? ෆාම් එකක කුකුල්ලු ඇතිකරලා මරණ එක වගේද වඳවීගෙන යන ඩොල්පින් තල්මස්සු මරලා ස්වභාව ධර්මය නසන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 294 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site