IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොංගෝ රාජ්‍යයේ බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් මියයති

කොංගෝ රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ගංගාවක ගමන්ගත් බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. බෝට්ටුවේ සියයකට අධික පිරිසක් ගමන් කර ඇති බවත් එයින් 50කගේ පමණ ජීවිත බේරා ගත් බවත් පොලිසිය පවසයි. යාත්‍රාව මොන්කොටො සිට මබැන්ඩකා දක්වා ගමන් කරමින් තිබී ඇත.
 
කොංගෝ රාජ්‍යයේ ජලමාර්ග දිගේ ගමනාගමනය ප්‍රචලිතව ඇතත් මෙම බෝට්ටුව නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේදී මගීන් ප්‍රවාහණය කර ඇති බව ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පවසයි. 
 
බෝට්ටුව ආලෝකයෙන් තොරව ගමන් කර ඇති බවද මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත. කෙසේ වුවද පොලිසිය පවසන්නේ බෝට්ටුව පෙරලීමට හේතුව තවමත් අණාවරනය වී නොමැති බවයි.
 
මබැන්ඩකා ප්‍රදේශයේ මාරාන්තික ඉබෝලා වෛරසය ද දරුණු ලෙස පැතිරෙන අතර ජල මාර්ග ගමනාගමනය ඔස්සේ රෝගය කින්ශාසා අගනුවරට ද පැතිරීමේ අවදානමක් ඇතැයි බලධාරීහු අනතුරු අඟවා ඇත.
 
(බීබිසී ඇසුරිණි - 085)



අදහස් (0)

කොංගෝ රාජ්‍යයේ බෝට්ටුවක් පෙරලීමෙන් 50ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site