IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්දයෙන් ප්‍රතිවාදියා විශාල ප්‍රතිශතයකින් ජය නොගතහොත් හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වයට පත්වීම වැළැක්විය නොහැකි බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව වසර 240ක ඉතිහාසයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයකින් ජනපතිවරණයට ඉදිරිපත් වන පළමු කාන්තාව ලෙස හිලරි ක්ලින්ටන් ඉතිහාසගතවනු ඇතැයි කියති.

ඇගේ ප්‍රතිවාදියා වන බර්නි සැන්ඩර්ස් දැනට ඇයට වඩා පසුපසින් සිටින අතර තීරණාත්මක අඟහරුවාදා දිනයේ ඇමරිකාවේ ප්‍රදේශ 6ක ඡන්දය පැවැත්වීමට නියමිතය. හිලරි ක්ලින්ටන් කියා සිටියේ තමන් ඇතුළු පිරිස ඵෛතිහාසික සන්ධිස්ථානයක සිටින බවත් නමුත් තවමත් තමන්ට කිරීමට වැඩ කොටසක් තිබෙන බවත්ය. සෑම ඡන්දයක් වෙනුවෙන්ම දැඩි ලෙස තරඟකාරීවීමට සිදුව ඇතැයි ඇය කියන්නීය. 

ඇමරිකා ජනපතිවරණ සටනේ අනෙක් ප්‍රතිවාදී පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ ජනපතිවරණ අපේක්ෂකත්වය මේ වනවිටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇත.

හිලරි ක්ලින්ටන් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති බිල් ක්ලින්ටන්ගේ බිරියයි. ඇය 2009 සිට 2013 දක්වා කාලයේ ඇමරිකාවේ 67 වැනි රාජ්‍ය ලේකම්වරිය ලෙසද කටයුතු කළාය.

ඇගේ ජනපතිවරණ අපේක්ෂකත්වය ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කියති.



අදහස් (0)

හිලරි ක්ලින්ටන් ඉතිහාසගත කඩයිමක

යසීර් අහමඩ් දෙහිවල Tuesday, 07 June 2016 05:12 PM

හිලරි ක්ලින්ටන් බලයට ආවොත් ඔබාමටත් වඩා ලෝකයේ යුධ ගිනි අවුලවා, රටවල් අස්ථාවර කරනවා නියතය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site