ඉන්දීය නව අමාත්‍ය මණ්ඩලය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ඊයේ(28) ප‍්‍රකාශයට පත් කෙරිණි.
ජනපති නිවහන වන රාෂ්ට‍්‍ර භවන්හිදී ඇමැති මණ්ඩලය දිවුරුදීමෙන් පසුව අගමැති සිං සඳහන් කළේ 2014 මහමැතිවරණය වන තුරු නව ඇමැති මණ්ඩලය කටයුතු කරනු ඇති බවයි.
මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍යවරුන් අටදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු ද දිවුරම් දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ නව විදේශ ඇමැතිවරයා ලෙස සල්මන් කුර්ෂිඞ්(59) මහතා පත් කරනු ලැබ සිටියි. හිටපු විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ඇති වූ පුරප්පාඩුවට කුර්ෂිඞ් මහතා නම් කිරීමට අගමැති මන් මොහන් සිං මහතා පියවර ගත්තේය.
පනස්නම වැනි වියේ පසුවන ඒ මහතා නීති සහ අධිකරණ, සුළු ජනකොටස් පිළිබඳ ඇමැතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළේය. නීතීඥයකු මෙන්ම ලේඛකයකු වන කුර්ෂිඞ් මහතා ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ ද සාමාජිකයෙකි. ඔහු ෆුර්කාබාද් ආසනය නියෝජනය කරමින් ලෝක් සභාවට පළමු වරට තේරී පත්ව ඇත්තේ 2009 මහමැතිවරණයේදීය.
1981 දී දේශපාලන දිවිය ආරම්භ කළ කුර්ෂිඞ් ඉන්දීය හිටපු අගමැති ඉන්දිරා ගාන්ධි රජයේ අග‍්‍රාමාත්‍ය කාර්යාල විශේෂ රාජකාරි බාර නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇත.
මේ අතර ඉන්දීය රජයේ අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරමින් තවත් ඇමැතිවරු අට දෙනෙක් අලූතින් පත් කරනු ලැබ සිටිති.
අශ්වානි කුමාර්(නීති), රහ්මන් ඛාන්(සුළු ජනකොටස්), අජේ මකේන්(නිවාස), දිනේෂා පටිල්(පතල්), පල්ලම් රාජු(මානව සම්පත් සංවර්ධන), හරිෂ් රාවට්(ජල සම්පත්), චන්ද්‍රේෂ් කුමාරි(සංස්කෘතික), පවන් කුමාර් බන්සාල්(දුම්රිය) ඔවුහු ය.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී ති‍්‍රණමූල් පක්ෂය කොංග‍්‍රස් පක්ෂ රජය සමඟ පැවැති සන්ධානයෙන් ඉවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ දුම්රිය ඇමැති ධූරයට පවන් කුමාර් බන්සාල් පත් කෙරිණි.
පසුගිය කාලසීමාවේදී ගල් අඟුරු පතල්වලට ටෙන්ඩර් කැඳවීමේදී සිදු විණැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ රජයට දිගින්දිගටම චෝදනා එල්ල වන්නට විය.
2025 දෙසැම්බර් මස 04
537
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
483
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙයි
ලංකා Tuesday, 30 October 2012 11:34 AM
මදි මදි ඔහොම කොහොමද රටක් ගෙනියන්නේ. ලංකාවෙන් ඉගෙන ගන්න ආශ්චර්‍යමත් ඇමති මණ්ඩලයක් හදන විදිය (ස)
මුතුකුඩ Wednesday, 31 October 2012 09:31 PM
ඉන්දියාව ලංකාව පාලනය කරන කාලයක මෙවැනි ඇමති මණ්ඩලයක් දකින්න පුලුවන්. (නි)