අයිඑස් අන්තවාදීන් හා ආරක්ෂක අංශ අතර ඇතිවන ගැටුම් නිසා උන්හිටිතැන් අහිමිව රැඳවුම් කදවුරු නම නව නිවහන කරගන්නට සිදුවුවද ලක්ෂ 30 ක පමණ ඉරාක ජාතිකයෝ ළග එන නත්තල සැමරීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටිති.
විවිධ ආගම් වලට අයත් ඉරාක ජාතිකයින් මේ රැඳවුම් කදවුරු වල සිටියද ඔවුහු සියලූදෙනාම එක්ව නත්තල් ගස් සැරසීමේ හා ගවලෙන් සැදීමේ කටයුතු වල යෙදෙති. ආගම් මුල් කරගෙන දෙපිළ බෙදී සිටින්නවුන්ට ඔවුන් හොඳම ආදර්ශයකි.
ඉරාකයේ එර්බි නගරයෙ ආසන්නයේ ඉදිකර තිබෙන රැඳවුම් කඳවුර නත්තලට මේ වන විටත් සරසා අවසානය. එහි වැඩිවැඩ කොටසක් සිදුකළේ කුඩා දරුවන්ය.
ගැටුම් නිසා ලක්ෂ ගණනක ඉරාක ජාතිකයින් අවතැන්ව සිටින අතර ඇතැමුන්ට ඉතිරිව ඇත්තේ ඇඳීවත පමණි. ඔවුන්ගෙන් බහුතරය රැඳවුම් කඳවුරු ඉදිකර ඒවායේ පදිංචි කරවීමට ඉරාක රජය කටයුතු කර තිබේ.
දැන් උද්ගතව ඇති අනෙක් බැරෑරුම් තත්ත්වය වන්නේ මෙම පුද්ගලයින්ට ආහාරපානාදිය ආදිය සපයා දීමේ දුෂ්කරතාවයයි.
තත්ත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව ඇත.
මේ කඳවුරු වලට මේ දිනවල ඇමරිකාවේ, කැනඩාවේ හා බි‍්‍රතාන්‍යයේ සහන සේවා කණ්ඩායම් ගුවන් මගින් නත්තල් තෑගි හා සිත දිරිමත් කරන සුලු වැකි සදහන් ලියමන් හෙළමින්ද සිටී.
ඉරාක ආරක්ෂක අංශ හා කුර්දි සටන්කාමීන් එක්ව දියත් කරන මෙහෙයුම් වලින් අන්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට හැකිව තිබුණද ඉරාකයේ වැදගත් ප‍්‍රදේශ බොහෝමයක් තවමත් තමන්ගේ අතම රදවා ගැනීමට අන්තවාදීහු සමත්ව සිටිති.
2009 වසරින් පසු ප‍්‍රථම වතාවට ඇමරිකා භට කණ්ඩයක් පසුගියදා ඉරාකයට ගොඩබැසි අතර ඔවුන්ද ඉරාක ආරක්ෂක අංශ හා එක්ව අන්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් දියත් කිරීමට සහය වනු ඇතැයි සඳහන්ය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අතකින් යුද ගිනිය රැඳවුම් කඳවුරුය - මරණ ගොඩක් මැද නත්තල් සැණකෙළිය
මධූ Friday, 19 December 2014 03:00 AM
ලංකාවෙත් සාමය උදාවේවා (නදී)
මංජු Monday, 15 December 2014 09:45 PM
සියලුම ජනතාවට සාමයෙන් සපිරි සුබම සුබ නත්තලක් වේවා පතමි (නි)
සුනිල් ගිකියන්ගේ Monday, 15 December 2014 10:25 AM
මේ පොඩි ළමයාගේ වන්දනාව හරි හුරු පුරුදුයි. මුහුනෙන් පේනවා ප්‍රාර්ථනා ගොඩක්. ඒ අහිංසක ප්‍රාර්ථනා ඉටුවේවා.(හේ)
ජයත් Monday, 15 December 2014 06:41 AM
පවු මේ අහිංසක පුංචි ළමයි. ඔවුන්ගෙන් නත්තලත් උදුරාගෙන. (ර)
ශිරන්ති Monday, 15 December 2014 11:01 AM
ඇස් වලට කඳුලුත් ආවා.(හේ)
මගලී ෆොන්සේකා Wednesday, 17 December 2014 02:05 PM
ලංකාවේ අයනම් දැනටම බෝතල් එකතු කරනවා දැම්ම සමරනවා නත්තල් (නදී)
ප්‍රීනා Monday, 15 December 2014 07:29 AM
මුළු ලොවටම ඉතා ඉක්මනින් සාමය සතුට ඇති වේවා (නදී)
මොහාන් Monday, 15 December 2014 07:40 AM
සදාම් හුසේන් හිටපු කාලෙවත් මෙහෙම මිනී මැරුම් තිබුනෙ නැතුව ඇති. අපේ රටත් ලිබියාවක්, ඉරාකයක්, ඇෆ්ගනිස්තානයක් කරන්න සමහරු බලාගෙන ඉන්නවා. රටෙ ඉන්න උන් බඩ ගැන හිතල උන්ට රට පාවල දෙනවා. (නදී)
කුමාරි Monday, 15 December 2014 07:41 AM
මුළු ලොවටම සාමය සමගිය සපිරුණ නත්තලක් උදා වේවා! (නදී)
අර්නැන්ඩෝ Thursday, 18 December 2014 10:10 AM
රටට ජනතාවට සාමය උදාවේවා (නදී)
ෆර්නැන්ඩස් Thursday, 18 December 2014 10:21 AM
සියලුම ජනයාට සාමය උදා වේවා (නදී)