ඉවතලන සිගරට් කොට යොදාගෙන ආරෝපණ ගබඩා කර තබා ගත හැකි ක්‍රමයක් සොයාගත හැකිවුණු බව දකුණු කොරියා පර්යේෂක පිරිසක් පවසති.
ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්‍රයේ දැනට භාවිතයේ ඇති සුපිරි - ධාරිත්‍රක නම් ආරෝපණ තාවකාලිකව ගබඩා කර තබා ගන්නා උපාංගයේ කාර්යක්ෂමතාව මෙන්ම එහිි ගබඩා කර තබාගන්නා ආරෝපණ ප්‍රමාණය මෙම ක්‍රමයෙන් වැඩිදියුණු කරගත හැකියැයිද ඔවුහු කියති.
මෙම ධාරිත්‍රක වල ආරෝපණ ගබඩා කර ගැනීමට දැනට යොදාගැනෙන්නේ කාබන් ස්ථරයකි.
පර්යේෂක පිරිස පවසන ආකාරයට සිගරට් කොට විශේෂ දහනයකට ලක්කර කාබන් වලටත් වඩා ආරෝපණ ගබඩා කර ගත හැකි සුවිශේෂ සංයෝගයක් බවට පත්කර ගැනීමට පිළිවන.
සුපිරි ධාරිත්‍රකයක කාර්යක්ෂමතාවයේ හා ආරෝපණ ගබඩා කර තබාගැනීමේ රහස ඇත්තේ එහි පෘෂ්ඨ වර්ගඵලයේ ප්‍රමාණය මතය.
මෙම නව සංයෝගය එකී පෘෂ්ඨ වර්ගඵලය දෙගුණ තෙගුණ කරවීමේ සමත් බව සඳහන්ය.
වසරකදී ලොව පුරා සිගරට් කොට ටොන් ලක්ෂ 8 ක පමණ ප්‍රමාණයක් මාර්ග වලට විසිකර දැමෙන බව සොයාගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
897
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිගරට් කොටෙනුත් වැඩක් ගනී