IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා උතුරු කොරියා සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව එකඟ නොවීම හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  මහතා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා අතර පැවති සාකච්ඡා එකඟතාවයක් නොමැතිව අවසන් වී ඇතැයි වාර්තා වේ.
 
"ඔවුන්ට අවශ්‍ය වුණේ සම්බාධක ලිහිල් කර ගැනීමට, එත් අපිට එය කරන්න බැහැ. සමහරවිට ඔබට හෙමින් ගමන් කරන්න වෙනවා, මෙය එවැනි අවස්ථාවක්" යැයි සාකච්ඡාව අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනපතිවරයා පවසා ඇත.
 
කෙසේ වුවද දෙරට අතර තෙවන සාකච්ඡා වටයක් සඳහා සැලසුම් කර නැතැයි ද සඳහන් වේ.
 
න්‍යෂ්ටික අවිහරණයේ ප්‍රගතිය සම්බන්ධව ඉදිරියේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බව ද දෙරටේ නායකයින් පවසා ඇත.
 
වියට්නාමයේ හැගෝයි නුවර පැවැත්වුණ මෙම සාකච්ඡා වටය වේලාසනින්ම අවසන් වූ බවද මාධ්‍ය වාර්තා කර ඇත.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමෙරිකා උතුරු කොරියා සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site