ලොව සතුන් අතර වඩාත් සංකීර්ණ හා වැඩිම විවිධත්වයක් ඇති සත්ත්ව කොට්ඨාශ වන්නේ කෘමි සතුන්ය. ඔවුන්ගේ හැඩය සහ ඉරියව් අපට එතරම් සිත්ගන්නා සුළු නොවූව ද සමීප ඡායාරූප ගෙන බැලූ විට ඔවුන්ගේ රූපකායේ ඇත්තේ අපූරු සුන්දරත්වයකි. ඉන්දුනීසියාවේ ටැන්ගෙරාන්ග් හි දිවිගෙවන වනජීවී ඡායාරූප ශිල්පී යවිඩි සොන්ග් (33) තම නිවසට ආ කෘමීන්ගේ අති සමීප ඡායාරූප කිහිපයක් ගත්තේය. ඔහු පවසන්නේ මේ ඡායාරූපවලින් කෘමීන්ගේ ඉරියව්, මුහුණේ හැඩය හා ඔවුන්ගේ සිරුරේ රැඳී තිබෙන ජල බිංදු ඇතුළු විවිධ කොටස් ඉතා චමත්කාරජනක අයුරින් දක්නට ලැබෙන බවයි.
මැස්සකුගේ විස්මිත දෑස් සහ මුහුණේ ඉදිරිපස පෙනුම
සෙබළ මැස්සාගේ මුහුණේ රැඳී ඇති ජල බිංදු
මැස්සකුගේ සංයුක්ත දෑස්වල රටා
කූඹිත්තකුගේ මුහුණ ඉදිරි පෙනුම
ලෝන්ග්හෝන් කුරුමිණියාගේ මුහුණ
රතු කුහුඹුවකුගේ බිත්තරයක්
මැස්සකුගේ ඇසක්
කළු කූඹියා
සෙබළ මැස්සකුගේ මුහුණේ ඉදිරිපස සමීප ඡායාරූපයක්
ලෝන්ග් හෝන් කුරුමිණියාගේ මුහුණේ ඉදිරිපස පෙනුම










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි ..පියවි ඇසින් දකින්න නොලැබෙන අපූරු රුප ටිකක්..? ඒලියන්ල වගේ..? (අ)
ඔබට තුති ලංකාදීප! (නි)