IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඇමෙරිකා සිසුන්ගේ කඩුව මොටවේ

ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවල සිසුන් හමුවේ ඇමරිකාවේ සිසුන් දෙවැනි තැනට වැටෙන තත්ත්වයක් උදා වී ඇතැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා බෘක්ලින්හි උසස් පාසැලක පැවති හමුවකදී පැවසීය.

විශේෂයෙන් තාක්ෂණය හා ගණිතය යන ක්ෂේත‍්‍ර වල රැකියා හා පර්යේෂණ කටයුතු සැළැකීමේදී ඇමරිකා සිසුන්ගේ දායකත්වය සැළකිය යුතු මට්ටමකින් අඩුව තිබෙන්නේ යැයිද ඒ අඩුව දැන් පුරවන්නේ ආසියාකරයෙන් පැමිණෙන සිසුන් යැයිද ඔහු කීවේය.

මෙම තත්තවය දිගින් දිගටම පැවතුනහොත් ඇමරිකාවේ සිසුන්ට රැකියා සෙයාගැනීම අභියෝගයක් වනු ඇතැයි ඔහු මත පළ කළේය.

පෙර නොතිබූ තරගකාරී වාතාවරණයක් දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන්නේ යැයි කියූ ජනපති ඔබාමා පෙර ඇමරිකාවේ හා යුරෝපයේ රටවලට සීමා වී තිබූ රැකියා වෙළදපොල දැන් මුළු ලොවටම විවෘත වී තිබෙන්නේයැයිද දැන් ව්‍යවසායකයන් තැන දෙන්නේ රටට නොව දක්ෂතාවයට යැයිද සදහන් කළේය.

ඇමරිකාවේ ඉහළ ගොස් ඇති අධ්‍යාපන වියදම් පිළිබදවත් සදහන් කළ ඔහු උපරිම ආකාරයෙන් වියදම් කපා හැරීමට කැප වී කි‍්‍රයාකරන බව පැවසුවේය.අයවැයෙන් අනවශ්‍ය ක්ෂේත‍්‍ර වලට යන වියදම් කපා හැර වැඩි සැළකිල්ලක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට යොමුකරන බව ඔහු සහතික කළේය.

රැස්ව සිටි සිසුන්ට තම අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් සිදුකරන ලෙස උපදෙස් දුන් ඇමරිකා ජනපතිවරයා ඇමරිකාව පෙර තිබූ සෞභාග්‍යමත් තලයට ගෙන යෑමේ වගකීම ඇත්තේ ඔවුනට යැයි මතක් කර දුන්නේය.



අදහස් (0)

ඇමෙරිකා සිසුන්ගේ කඩුව මොටවේ

අමල් Sunday, 27 October 2013 09:48 PM

ලංකාවේ අධ්‍යාපනය යොදන මුදල් අඩු කරලා!!! ඒ මදිවට දක්ෂයන්ව කප්පාදු කරලා. අනේ අපේ රටට ගිය කලක්. (නි)

:       0       1

රාජපක්ෂ Monday, 28 October 2013 05:13 PM

කඩුව මොටවේ. කළුවා රජවේ (නි)

:       0       0

ලක්ෂිත Sunday, 27 October 2013 11:37 PM

ඔව්. ඇමරිකා වල හොද මොළ ඇති මිනිසුන් සිටිති (නි)

:       0       0

ස්කාස් Sunday, 27 October 2013 03:37 PM

අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්නේ නැතුව තමන්ගේ දෙයක් බලාගෙන හිටියා නම් අද ඔහොම වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ජානී-යූ.එස්. Monday, 28 October 2013 02:38 AM

දැනුයි තේරිලා තියෙන්නේ.මෙහෙ ළමයි ගණන් වලට හරිම බයයි.ඉහළට ඉගෙන ගන්න උනන්දුවක් එච්චරම නැහැ ලංකාවේ ළමයි වගේ.එකක් ගෙවල් වලින් සල්ලි දෙන්නේ නැතිකම.ඉගෙන ගන්න ළමයිනුත් රැකියාවක් කරන ගමන් ඉගෙන ගන්නේ.ලංකාවේ වගේ පහසු නැහැ.ආසියාතික ළමයි ඉගෙනීමට හරියට මහන්සි වෙනවා.එහෙම කැපවීමක් ඇමරිකන් සිසුන් තුළ නැහැ.හරිම අඩුයි.ගොඩක් ඉහළ තැන් වල ඉන්නේ විජාතිකයෝ (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 05:42 AM

කඩු වර්ගත් දෙකක් තිබෙනවා (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 October 2013 05:43 AM

සංවර්ධිත රටවල බොහෝ කලක සිට ඔය දේ සිදුවෙමින් පවතිනවා. (නි)

:       0       0

පෙත්තා Monday, 28 October 2013 02:58 PM

එහෙනම් ජානි මොකට ඔහාට වෙලා දුක් විඳ විඳ ඉන්නවද මෙන්න මෙහෙ ලංකාවට ඇවිල්ල ඉන්නේ නැතිව. (ස)

:       0       0

ජානී-යූ.එස්. Monday, 28 October 2013 08:37 PM

පෙත්තා,ලාංකික දෙමව්පියන් දරුවෝ වෙනුවෙන් අප්‍රමාණ දුක් විඳින බව ඔයා දන්නෙම නැද්ද? අපිත් මෙහෙ ආවේ දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන්.ලංකාවේ තරඟකාරී අධ්‍යාපන රටාව නිසා ඇති වෙන්න පුළුවන් පීඩනයෙන් ඔළු නිදහස් කරගෙන නිවාඩුපාඩුවේ ඉගෙන ගන්න ඉඩ සලස්වන්න ඕනෑ නිසා.ලංකාවේ වගේ නොමිලේ සරසවි අධ්‍යාපනයක් නැති නිසා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනෑ.එත්,මහන්සිවෙලා ඉගෙනීමේ වැඩ කරනවා නම් ,ශිෂ්‍යත්ව ලබාගෙන අතින් වියදම් නොකර ඉගෙන ගන්න පුළුවන්.ආ කටයුත්ත කරගෙන ආපහු ලංකාවට එන්න තමයි බලාපොරොත්තුව. (නි)

:       0       4

සුමේධ Monday, 28 October 2013 03:25 PM

ඇමරිකාව කොහොමටත් කන්නේ අනුන්ගේ පරිප්පු. ඇමරිකන් කාරයා ජිවත් වෙන්නෙ බයෙන්. (ස)

:       8       0

සරත් Monday, 28 October 2013 03:25 PM

පෙත්තට තේරුණා. (ස)

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site