කාශ්මීරයේ සිටින බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් ඩ්‍රෝන යානා භාවිතයට ගන්නා බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.
උතුරු කාශ්මීරයේ පිහිටි ඉන්දීය ගුවන් හමුදා කඳවුරක ඊයේ උදෑසන පිපිරීම් දෙකක් සිදු වූ බවත් බෙදුම්වාදී සටන්කාමීන් ඩ්‍රෝන යොදාගනිමින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඉන්දීය බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ද ඉන්දීය බලධාරීහු කීහ.
මෙම පිපිරීම්වලින් දෙදෙනකු තුවලා ලැබූු බවත් ගොඩනැගිල්ලකට සුළු හානි සිදු වී ඇති බවත් ඉන්දීය බලධාරීහු සඳහන් කළහ.
ඉන්දියාව තුළ ප්‍රහාරයකට ඩ්‍රෝන යොදාගත් පළමු අවස්ථාව මෙය බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බවත් ඔවුහු කීහ.
(රොයිටර්)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.