තලේබාන් සටන්කාමීන් පිරිසක් පාකිස්තානයේ ලාහෝර් නුවර බන්ධනාගාර නියාමකරුන්ගේ පුහුණු පාසලකට කඩා වැදී ඊයේ (12) උදෑසන එල්ල කළ ප‍්‍රහාරයකින් බන්ධනාගාර නියාමකරු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරය එල්ල වූයේ ඉච්රා පුහුණු පාසලකටය. එම අවස්ථාවේදී පාසලේ නියාමකවරුන් 30 දෙනකු සිටි බවත් ඔවුන් උදෑසන ආගමීක කටයුතුවල යෙදී සිටි බවත් වාර්තා වේ.
සටන්කාමීන් වෙඩි තබමින් සහ අත්බෝම්බ ප‍්‍රහාර එල්ල කරමින් පුහුණු පාසලට කඩා වැදී ඇතැයි වාර්තාවේ. ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 25 දෙනකු පමණ පැමිණි බව ද පැවැසෙයි.
ප‍්‍රහාරය සැලවූ සැණින් ලාහෝර් පොලිසිය සහ හමුදාව එක් ව පුහුණු පාසල වට කළ බවද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටී.
සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් නියාමකවරු 15 දෙනෙක් තුවාල ලැබූහ. ඔවුන් කඩිනමින් රෝහල් ගත කෙරුණි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා කවදද මරා නොගත්තේ?