ප්‍රංශයේ මධ්‍යම පැරිසියේදී කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලැබූ බව ප්‍රංශ පොලිසිය කියයි.
ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයාද මියගොස් තිබේ.
ප්‍රහාරය සිදු වූ මධ්‍යම පැරිසියේ චෑම්ප් එලිසීස්හිදි මෙම වෙඩි තැබීම සිදු වූ අතර එම නගරය ආරක්ෂක අංශ පාලනයට ගැනීමට පියවර ගෙන තිබිණි. ප්‍රහාරකයා පැමිණ ඇත්තේ තනිවම යැයි ද ඔහු එකවර වෙඩි තැබූ බව ද ප්‍රංශ ආරක්ෂක අංශ පැවසීය.
ත්‍රස්ත විරෝධී විමර්ශනයක් ඊයේ (20) රාත්‍රීයේම ආරම්භ කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබිණි. ප්‍රංශයට අයි.එස් ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති අතර ඉරිදා (23) පැවැත්වෙන මැතිවරණයට පෙර එල්ල වූ මෙම ප්‍රහාරය නිසා ඉදිරි දින කිහිපයේදීත් මැතිවරණයෙන් පසුත් ත්‍රස්ත ප්‍රහාර එල්ල වීමේ අවදානම් ඇති වී තිබේ.
ඉකුත් 2015 වසරේ සිට මේ දක්වා අයිසිස් සංවිධානය ඇතුළු ජිහාද් සංවිධාන කරන ලද ප්‍රහාරවලින් 238ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කරයි.
ඒ.එෆ්.පී ඇසුරිනි -055






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ආකර්ශනීයම මාවත නමින් හැඳින්වෙන "ශොම් එලිසේ " පෙදෙස මේ වන විටත් විවිධ රටවලින් පැමිණ සිටින සංචාරකයන්ගෙන් පිරි තිබෙන, සුඛෝපභෝගී හෝටල්, තට්ටු නිවාස සහ සාප්පු වලින් පිරි, රමණිය විශාල ප්‍රදේශයක්. ඉරිදා පැවැත්වෙන ප්‍රංශ ජනපතිවරණයේ පළමු වටය නිසා රටපුරාම ආරක්ෂාව දැඩි කර තිබෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා සමහර අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු අවලංගු කර තිබෙනවා. අයි. එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රංශ රජය මැද පෙරදිග සමහර රටවල කරන ප්‍රහාර නිසා මේ වෙඩි තැබීම සිදු කර ඇතිබව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.