වොෂින්ටන්හිදීය (රොයිටර්)
රුසියාවේ බුද්ධි සේවා ඇතුළු සංවිධාන පහකට සහ රුසියානු ජාතිකයන් 19 දෙනකුට එරෙහිව සම්බාධක පැනවූ බව ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව අද (15), බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.
ඉකුත් 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට මැදිහත් වීම, සයිබර් ප්‍රහාර එල්ල කිරීම යන කරුණු මූලික කරගනිමින් මෙලෙස සම්බාධක පැනවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය අස්ථාවර කිරීමට ගත් පියවර නිසා මෙලෙස රුසියානු රජයේ නිලධාරීන්ට අතිරේක සම්බාධක පැනවූ බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටීව් ම්නුචින් පැවැසීය.
කෙසේ නමුත් සම්බාධක මොනවාද සහා ඒවායේ කාලසීමාව සම්බන්ධයෙන් ස්ටීව් ම්නුචින් කිසිවක් ප්‍රකාශ කළේ නැත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd