IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ පාසල් සිසුවා ලකුණු 1000 ඉක්මවයි.

අන්තර් පාසල් ක්‍රිකට් තරඟයක එක් ඉනිමක දී පෞද්ගලිකව ලකුණු දහසක සීමාව පළමු වරට පසුකර යාමට ඉන්දිය පාසල් ක්‍ර‍ීඩයකු වන ප්‍ර‍නව් ධනවඩේ සමත්ව සිටියි. ඔහු ලැබූ ලකුණු සංඛ්‍යාව 1009 කි. මේ සඳහා ඔහු මුහුණ දි ඇත්තේ පන්දු 323කට පමණක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙම ලෝක වාර්ථාව තබා ඇත්තේ පසුගියදා ඉන්දියාවේ පැවැති එච්ටී බණ්ඩාරි කුසලාන අන්තර් පාසැල් ක්‍රිකට් තරඟාවලියේදීය.

පහළොස් හැවිරිදි ප්‍රවීන් බිඳදමා ඇත්තේ  1899 වර්ෂයේදි ආතර් කොලින්ස් විසින් ලකුණු 628ක් ලබා ගනිමින් තබා තිබූ  වාර්තාවයි.

ප්‍රවීන්ගේ  පිති හරඹයට හයේ පහරවල් 59ක් සහ හතරේ පහරවල් 127ක් අයත් විය. “මම වාර්ථාවක් තැබීමට හිතාගෙන ක්‍රීඩා කළේ නැහැ. ඒත් ලෝක වාර්තාවට ලංවූ පසු මට එය අභිබවා යා හැකි බව පැහැදිලි වුනා“ යැයි ප්‍රවින් මාධ්‍යට පවසා ඇත.

 



අදහස් (0)

ඉන්දියාවේ පාසල් සිසුවා ලකුණු 1000 ඉක්මවයි.

නීල් Wednesday, 06 January 2016 07:38 PM

අනෙක් පැත්තෙ 11 දෙනාගෙ අැස් බැඳලාද දන්නෙ නැහැ පන්දු යවන්න අැත්තේ (නි)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 06 January 2016 05:59 AM

කේ. සී. ගාන්ධි විද්‍යාලය පළමු ඉනිම 1465/3යි. ආර්ය ගුරුකුල් කණ්ඩායම පළමු ඉනිම 31/10 සහ දෙවැනි ඉනිම 52/10. කේ. සී ගාන්ධි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 1382ක ජය. හිතාගන්න පුළුවන්නේ කණ්ඩායම් දෙකේ දක්ෂතාවල පරතරය (නි)

:       0       0

හර්ෂ Wednesday, 06 January 2016 07:05 AM

කිසිදිනක ඉන්දීය කණ්ඩායමට නම් එන්න නොහැකිවෙයි වගෙයි (නි)

:       0       0

සාමා Tuesday, 05 January 2016 10:06 PM

මෙයා 1009 ගහනතුරු පිල අනෙක් අය මොකද කළේ? ඒ අයට සෙල්ලම් කරන්න කාලයක් ඉතුරු වුණාද? (නි)

:       0       0

නිපුණ Wednesday, 06 January 2016 01:17 AM

අනෙක් අයට සෙල්ලම් කරන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

කවි Wednesday, 06 January 2016 01:37 AM

සුබ පැතුම්! මට හිතාගන්න පුළුවන් ඉන්දියාවේ පන්දු යවන්නන්ගේ අනාගතය කෙසේද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site