IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ඉන්දියාවේ දූපත් විරෝධි අරගලයට රතු එළියක්

නිදහස් ඉන්දියාවේ ප‍්‍රබලතම ජනතා ව්‍යාපාරය වශයෙන් හැඳින්විය හැකි අන්නා හසරේගේ නායකත්වයෙන් යුත් දුපත් විරෝධි මහජන ව්‍යාපාරය එම කණ්ඩායමේ ඉහළ නායකයින් අතර හට ගෙන ඇති මතභේද නිසා දුර්වල වෙමින් පවතින බව පෙනේ. කලින් ඉලක්කර ගත් පරිදි ශීත සෘතුවේ ලෝක් සභා සැසිවාරය අවසන් වීමට පෙර ලෝක් පාල් නීතිය සම්මතකර ගැනීමේ ප‍්‍රමුඛතාවට වඩා ප‍්‍රධාන නායකයින් අතර හට ගෙන ඇති විරසකකම් විසඳා ගැනීමට වැඩි කාලයක් යෙදවීමට සිදුව ඇත. වත්මන් ඉන්දියානු දේශපාලනයට බලපාන එකම, සමහරවිට වැදගත්ම කරුණක් පදනම් කරගෙන සමාජ ව්‍යාපාරයක් ගොඩ නගන ආකාරය ගැන වෙනත් සමාජ ක‍්‍රියාකාරීන් සැක සංකා පළ කළද අන්නාහසාරේ තම අරමුණ ළඟා කර ගැනීමට බෙහෙවින් සමීප වූයේය. අවසානයේදී දුෂණ විරෝධී ව්‍යාපාරය හසාරේගේ ව්‍යාපාරය බවට පත්විය. එහි නායකත්වය හසාරේගේ කණ්ඩායම විය. දැන් එම කණ්ඩායමේ නායකයන් අතර පවතින මත වෙනස් කම් නිසා හසාරේ කණ්ඩායම් බිඳී යාමටත් අරමුණ වැදගත් කමින් ගිලිහී යෑමටත් පටන් ගෙන ඇති බව පෙනේ. මුලින්ම මතුවූයේ දුපත් විරෝධි අරගලයට නායකත්වය දෙන හසාරේ කණ්ඩායමේ සාමාජිකයන්ට එරෙහි චෝදනාය. එහි ප‍්‍රධාන පෙළේ ක‍්‍රියාකාරිනියක් වන කිරාන් බෙඩි ගුවන් ටිකට් පත් සම්බන්ධයෙන් වංචා සහගත ලෙස ක‍්‍රියාකර ඇති බව ප‍්‍රකාශයට පත් විය. එම චෝදනාව සත්‍ය බව පිළිගත් ඇය එම මුදල් තම පරිහරණයට නොගෙන ඇය සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයකට පරිත්‍යාග කළ බව කීවාය. ඉන්පසු හසාරේ කණ්ඩායමේ වඩාත්ම ප‍්‍රකට පුද්ගලයෙකු වශයෙන් හැදින්වෙන ස්වාමි අග්නිවේස් මෙම ව්‍යාපාරයේ ගිණුම් කටයුතු පවත්වාගෙන යන ආකාරය ගැන බරපතළ චෝදනා එල්ල කළේය. ඔහු පවසන ආකාරයට ව්‍යාපාරයට මහජනයාගෙන් ලැබුණු කෝටි ගණනක ආධාර මුදල් ඒ සඳහා ඇති විශේෂ ගිණුමක තැන්පත් නොකොට අර්වින්ද් කෙජ්රිවාල් නම් හසාරේගේ ආධාරකරුවෙකුගේ ගිණුමක තැන්පත් කර ඇත. ඊට හසාරේගේ පිළිතුර වුයේ එම ගිණුම් විගණනය කොට වාර්තාවක් ප‍්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නේය යන්නයි. හසාරේ කණ්ඩායමේ නායකයින් අතර වඩාත්ම මතභේදයට තුඩු දුන්නේ ප‍්‍රෂාන්ත් භූෂාන් කාශ්මීරය ගැන කළ ප‍්‍රකාශයයි. කාශ්මීරයේ උද්ගතවී ඇති තත්ත්වය ගැන ප‍්‍රකාශයක් කරමින් ඔහු ඊට විසඳුම් වශයෙන් එහි ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළේය. මෙම ප‍්‍රකාශය හින්දු අන්තගාමී කොටස්වල දැඩි විරෝධයට හේතුවිය. ප‍්‍රශාන්ත් භූෂාන් පැවැත් වූ පුවත්පත් සාකච්ඡුාවකට කඩා වැදුණු හින්දු අන්තවාදී තරුණයෝ එහි සිටි පිරිසට පහරදී එය කඩාකප්පල් කළහ. මේ ගැන ප‍්‍රකාශයක් කළ හසාරේ ප‍්‍රෂාන්ත් භූෂාන්ගේ ප‍්‍රකාශය හා හසාරේ කණ්ඩායම් අතර කිසිම සම්බන්ධතාවක් නැති බව සඳහන් කළේය. ඊට පසුව තවත් ප‍්‍රකාශයක් කළ අන්නා හසාරේ කාශ්මීරය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් එය ඉන්දියානු ජනරජයේම කොටසක් බවත් අවධාරණය කළේය. මෙය භාරතීය ජනතා පක්‍ෂයේ කාශ්මීර ස්ථාවරයට වඩා වෙනස් වන්නේ නැත. දුෂණ හා වංචා පිළිබඳ බරපතළ චෝදනා රැසකටම ලක්ව සිටින කොංග‍්‍රස් පක්‍ෂයේ රජය හසාරේ ව්‍යාපාරය දුර්වල කිරීමටත් අපහසු තත්ත්වයකට පත් කිරීමටත් විවිධ උපක‍්‍රම භාවිත කරන බවට සැකයක් නැත. හසාරේ සඳහන් කරන ආකාරයට මේ සියලූ උත්සාහයන් ”හතර දෙනාගේ කල්ලියේ’’ වැඩය. එම නිසා ඉන් දුපත් විරෝධී ව්‍යාපාරය පසුබට වන්නේ නැත. එහි සත්‍යතාවක් තිබිය හැක. එහෙත් මෙහිදී අපට අන්නා හසාරේ නායකත්වයෙන් යුතුව මෙම ව්‍යාපාරය ගොඩනැගෙන අවස්ථාවේ දී ඉන්දියාවේ වෙනත් සමාජ ක‍්‍රියාකාරීන් ඉන් දුරස්ව සිටීම අමතක කළ නොහැක. ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරීන් වන මේධා පත්කාර්, අරුණ රෝයි හා ලේඛිකා අරුන්දතී රෝයි, හසාරේගේ අරමුණු ගැන සැක පළ කළහ. සමාජයේ විවිධ තරාතිරම්වල සහයෝගය ලබාගත් මෙම දුපත් විරෝධී රැල්ල ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීම වෙනුවට එක් ආයතනයක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන ඇති නිසා යහ පාලනයක් පිළිබඳ මූලික පරමාර්ථ ඉටු නොවන බව ඔවුහු පෙන්වා දුන්හ. හසාරේගේ උත්සාහය වන්නේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී යහපාලන ක‍්‍රමයක් තහවුරු කිරීමේ සමාජ අවශ්‍යතාව බොහෝ දෙනාගේ විරෝධයට හා පිළිකුලට ලක්ව ඇති එක කාරණයක් දක්වා පටු කිරීමය. එය පවතින දුෂිත ක‍්‍රමය වෙනස් කිරීමට හෝ සිවිල් සමාජය සැබැවින්ම බලගැන්වීමකට හේතු වන්නේ නැත. එම නිසා හසාරේ කණ්ඩායම ඇතුළත මතභේද හට නොගත්තත් දුෂණ පිටු දැකීමේ අරමුණු ඉටු නොවීමට ඇති ඉඩ කඩ බොහෝය. ඉන්දීය අගමැති මන් මෝහන් සිංග් ලෝක් සභාව කිරාන් බේඩි දුෂණ විරෝධී පෙළපාළියක් අන්නා හසාරේ ප‍්‍රශාන්ත් භූෂාන්  



අදහස් (0)

ඉන්දියාවේ දූපත් විරෝධි අරගලයට රතු එළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site