ඇමෙරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා අපි‍්‍රකා සංචාරයක් ආරම්භ කරමින්, පෙරේදා (27) සෙනගාලයට පැමිණියේය.
පෙරේදා සවස ජනපති ඔබාමා, ‘එයාර් ෆොස් 1’ නිල ගුවන් යානයෙන් සෙනගාලයේ ඩකාර් අගනුවරට පැමිණි අවස්ථාවේදී සෙනගාල් රජය ඔහු හරසරින් පිළිගත්තේය.
ජනපති ඔබාමා සමඟ ඔහුගේ බිරිය මිෂෙල් ඔබාමාත්, දියණියෝ දෙදෙනා වන සාෂා සහ මලීයාත් එම අපි‍්‍රකා සංචාරයට එක්ව සිටිති.
සෙනගාල සංචාරයෙන් පසු, ජනපති ඔබාමා දකුණු අපි‍්‍රකාවේත් ටැන්සානියාවේත් සංචාරය කිරීමට නියමිතය.
ඔබාමා කෙන්යාවේ සිටින තම ඥාතීන් හමුවීමට යෑමට ද බොහෝ දුරට ඉඩ ඇතැයි ද විදෙස් පුවත් සේවා පවසයි. ඔබාමාගේ පියා කෙන්යාවේ උපත ලැබූ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා මහත්තයට අපේ ලොක්කවත් හම්බවෙයි ඔය කොහේදී හරි. මොකද එයත් නොයන රටක් නැහැනේ. ලෝක සිතියමේ තියෙන හැම රටකටම ගිහින් ගිනස් පොතට නම දාගන්නද කොහෙද? (නදී)