IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හැකරාගෙන් පරෙස්සම් වන්නැයි ගූගල් කියයි

හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි ලකුණු පළව ඇති නිසාවෙන් වහාම තම තමන්ගේ මුරපද වෙනස් කරන්නැයි ගූගල් සමාගම එහි පරිශීලකයින්ට දැනුම් දී තිබේ.

රුසියාවේ ‘‘බිට් කොයින්‘‘ හෙවත් අන්තර්ජාලය පාදක කරගත් විනිමය සේවාවක ලියාපදිංචිව සිටි පරිශීලකයින් දහස් ගණනකගේ ගූගල් ගිණුම් වල මුරපද ආදී තොරතුරු ප්‍රකට වෙබ්අඩවියක පළ කර තිබී හමුවීමත් සමග ගූගල් සමාගම මෙසේ මුරපද වෙනස් කරන්නැයි නිවේදනය කර ඇත.

වාර්තා වන ආකාරයට හැකර්වරුන් ගූගල් සේවාවන් වන ජීමේල්,ගූගල් ඩ්‍රයිව් වැනි සේවාවන් පරිහරණය කරන්නවුන් ලක්ෂ 10 කගේ පමණ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

හැකර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

ගූගල් සමාගම පවසන්නේ හැකර් ප්‍රහාරය තම සමාගමේ පරිගණක ජාලයට එල්ලවූවක් නොවන බවයි.බොහෝ විට සිදුවන්නට ඇත්තේ මෙම තොරතුරු අනාවරණයව තිබෙන පුද්ගලයින් ලියාපදිංචිව සිටි වෙබ් අඩවියකට ඇතුල්වී ඇති හැකර්වරුන්, එහි තිබූ තොරතුරු ප්‍රසිද්ධ කිරීම බව  සමාගමේ අදහසයි.

හැකර් ප්‍රහාරයට හසුව ඇති පරිශීලකයින් කවුරුන් දැයි ගූගල් සමාගම හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගේ නම් මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

තම ගිණුමේ සුරක්ෂිත භාවය සදහා මුරපදයක පිහිට ලබා ගන්නවාට අමතරව සමාගම පිරිනමන විශේෂ ආරක්ෂක විධිවිධානයන් භාවිතා කරන්නැයි ගූගල් සමාගම එහි පරිශීලකයින් වෙත දැනුම් දේ.



අදහස් (0)

හැකරාගෙන් පරෙස්සම් වන්නැයි ගූගල් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site