අද ප්‍රංශ මාධ්‍ය ශබ්ද කෝෂයේ කියවීමට, ඇසීමට, දැකීමට ලැබෙන ප්‍රධාන වචනය බවට පත්වී ඇත්තේ ජිහාඩ් සංවිධානයයි. එම සංවිධාන ප්‍රංශයට විශාල තර්ජනයක් වන තරමට කටයුතු සිදුවෙමින් ප්‍රශ්නය උග්‍රවී ඇති හෙයින් ජිහාඩ් සංවිධාන ගොඩ නඟන ඉස්ලාම් අන්තවාදි ත්‍රස්ත්‍රවාදි කණ්ඩායම් වලට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමට ප්‍රංශයට සිදුවී ඇත්තේය. එදා ශ්‍රී ලංකාව යුද්ධය කර ජය ලැබුවේ රටේ තුළ සිටි ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමක් සමග සටන් කිරීමේන්ය. නමුත් ප්‍රංශය සටන් කරන්නේ රටින් පිට සිටින ත්‍රස්ත්‍රවාදි කණ්ඩායම් සමඟය. එනමුදු අද ප්‍රංශයට ඇතුලතින් හා පිටතින් යන දෙපැත්තේම තර්ජන වලට මුහුණ දීමට සිදුවේ ඇත්තේය.
ප්‍රංශ පුරවැසියෝ මෙම කන්ඩායම් නියෝජනය කරන බවත් සමහර කණ්ඩායම් හඳුනාගෙන ලැයිස්තු ගත කොට ඇති බවත් ප්‍රංශ පොලීසිය සදහන් කරයි. කලීෆා, එයිල්, අන්සවාර් ,අක්මී, ඩේෂ් යන නම් වලින් හැදින්වෙන අන්තවාදි ඉස්ලාම් ත්‍රස්ත්‍රවාදි සංවිධාන ඉහත කණ්ඩායම් පෝෂණය කරන අතර ඔවුන් ගණනින් තිස්දහසක් පමණ වන අතර අති නවීන යුද උපකරණ වලින් ශක්තිමත් බවත් බටහිර යුද විශ්ලේෂකයෝ පවසති.ප්‍රංශ පුරවැසියන් ගැහැණු පිරිමි ලෙස 900ක් පමණ මෙම කණ්ඩායම් අතර ගැවසෙන බව ආරක්ෂක බලධරයෝ කියති. මොවුන් අතර වැඩි ප්‍රතිශතය ප්‍රංශයේ උපත ලද උතුරු අප්‍රිකානු ඇල්ජීරීයාව, මොරොක්කෝව, ටියුනීසිව යන රටවල සම්භවයකට හිමිකම් ඇත්තෝය. ඉස්ලාම් ආගම වැළඳගත් ප්‍රංශ ජාතිකයෝද ඒ අතර සිටිති. 2012 නොවැම්බර් මස නැගෙනහිර සිරියාවේදි පැහැර ගත් නිදහස් මාධ්‍යවේදි ඇමෙරිකානු ජේම්ස් පොලි (40) අගෝස්තු 19 වැනිදාත් වාර්තාකරුවකුවූ 31 හැවිරිදි ස්ටීවන් සොට්ලොෆ් ඇමෙරිකානුවා සැප්තැම්බර් 02 වැනිදාත් වයස අවුරුදු 44 ක්වූ ස්කොට්ලන්ත ජාතික ඩේවිඩ් හේන්ස් සැප්තැම්බර්13 වැනිදාත්, ඇල්ජීරීයාවේදි පැහැර ගත් කඳු නගින්නකු හා සොබාව ධර්මයාගේ සුන්දරත්වය කාච ගත කළ කැමරා ශිල්පි 55 හැවිරිදි ප්‍රංශ ජාතික හර්වේ ගෝර්ඩෙල් සැප්තැම්බර් 24 වැනිදා ඉහත ත්‍රස්ත්‍රවාදි කණ්ඩායම් විසින් බෙල්ල කපා මරා දමනු ලැබුහ. එම සිදුවීම් වීඩියෝ ගත කොට ඔවුන්ගේ වෙබ් අඩවි හරහා ලෝකයාට ප්‍රදර්ශනය කළේය. මෙම රූපරාමු දුටු ප්‍රංශ ජාතිකයෝ තැති ගත්තෝය.
‘‘ජනාධිපති බරක් ඔබාමාගේ අඩි පාරේ යන ප්‍රංශ ජනාධිපති ඔලෝන්ද්ට පාඩමක්‘‘
යනුවෙන් පවසමින් ප්‍රංශ ජාතිකයාගේ හිස වෙන් කරන විට ප්‍රංශ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් සිටියේය. ඒ වන විට ප්‍රංශය ඡිහාඩ් සංවිධාන වලට එරෙහිව ගත් හමුÞාමය ක්‍රියා මාර්ග ගැන ප්‍රංශ අගමැති පාර්ලිමේන්තුවට කරනු වාර්තා කරමින් සිටි අවස්ථාවයි. අගමැති ලේකම් වරයෙක් ඔහු අතට දුන් තුණ්ඩු කෑල්ලක සඳහන් වුයේ ඉහත ප්‍රංශ ජාතිකයාගේ අවසානය පිලිබඳ නිවේදනයයි. එම පුවතින් පාර්ලිමේන්තුව දැනුවත් කොට කථාව අවසන් කළේ ප්‍රංශ රජය ගත් හමුදා තීන්දු වලට පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත ලබා ගනිමිනි.
කෙසේ නමුදු ප්‍රංශ රහස් ඔත්තු සේවා හා හමුදා සම්පත් එකතුවෙන් මේ වන විට ප්‍රංශ ජාතිකයා පැහැර ගත් ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමේ 12 දෙනෙක් හා ඔහුගේ හිස වෙන් කළ දෙදෙනාද හඳුනා ගෙන ඇති බවත් එක් අයකු ඇල්ජීරියානු ජාතික කෙහේර්ෂා බෂීර් බවත් ඇල්ජිරියා ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සතියේ නිවේදනය කළේය.
මේ අතරතුර සිරියාවේ සිට තුර්කිය හරහා ප්‍රංශය බලා පැමි‚ ප්‍රංශ ජාතික මුස්ලිම් පවුලක් බිරිඳ, හා කුඩා දරුවෙක් තුර්කියේදි අත් අඩංගුවට පත්විය. සැමියා ලෙස පැමිණ‚ මොවුන් ප්‍රංශ රහස් ඔත්තු සේවා හා ආරක්ෂක අංශ වලට අනුව එම පවුල ප්‍රංශයට අවශ්‍යය කරන ඉස්ලාම් අන්තවාදි ජිහාඩ් කණ්ඩායම් හා සබඳකම් පවත්වන එම සංවිධානයට තරුණ තරුණියන් බඳවා ගැනීමේ කටයුතු කර ඇති පිරිසක් බව ප්‍රංශ ආරක්ෂක පොත්වල සටහන්ව ඇත්තේය. එම පවුල 2012 වසරේ දකුණු දිග ප්‍රංශයේ පිහිටි තුලූස් නගරයේ පිහිටි යුදෙව් පාසලක සිසුන්ට වෙඩි තබා ඝාතනය කොට පසුව ප්‍රංශ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ඉස්ලාම් අන්තවාදීන්ට සම්බන්ධ මොහොමඩ් මෙරාගේ එක් සහෝදරියක් හා ඇගේ සැමියා බව ප්‍රංශ ආරක්ෂක අංශ දැන සිටි බැවින් ඔවුන් ප්‍රංශයට භාරදෙන ලෙස තුර්කි රජයට දන්වා ඔවුන් පැමිණෙන තුරු ප්‍රංශ ආරක්ෂක අංශ පැරීසියේ ප්‍රධාන ගුවන් තොටුපොළේ රැඳී සිටියත් ඔවුහු වෙනත් ගුවන් යානයකින් ප්‍රංශයේ දෙවැනි විශාලතම නගරය වන පැරීසියේ සිට කිලෝමිටර 900ක් දකුණෙන් පිහිටි මාර්සෙයිල් ගුවන් තොටුපලෙන් බැස පැය කිහිපයකට පසු පොලීසියට භාර වුහ. මෙම ව්‍යාකූල සිදුවීම මේවන විට දෙරට අතර ආරක්ෂක හා දේශපාලන කථීකාවක් බවට පත්වී ඇත්තේය. මෙම සිදුවීම ගැන සොයා බැලීමට ප්‍රංශ අගමැති ඉන් දින දෙකකට පසු බලධාරීන් හමුවීමට තුර්කිය බලා පිටත් වුයේය.
ඉන් අනතුරුව දකුණු දිග ප්‍රංශයේ නීස් නගරයේ ජීවත්වූ එකම පවුලේ දෙමාපියන් ඇතුළුවු 11 දෙනෙකු සිරියාවේ ජිහාඩ් සංවිධානයට එකතු වීමට ප්‍රංශයෙන් පැන ගොස් ඇති බව සොයා ගත් අතරම එම සංවිධාන ඇසුර ලබා ප්‍රංශයට ඇතුළු වු ඇති තරුණයෝ සිව්දෙනෙක් ප්‍රංශ ආරක්ෂක අත් අඩංගුවේ ප්‍රශ්න කිරීම් මැද සිර අඩස්සියේ පසුවෙති. ඊට අමතරව මෙම ජිහාඩ් සංවිධාන කථා පුවත් වටා ගෙතුනු විස්ම ජනක පුවත්ද ඇත්තේය. මේ දිනවල ප්‍රංශ මාධ්‍ය ඔස්සේ වාද විවාද යුද විශ්ලේෂකයන් අතර පැවැත්වේ . ලෝක ගෝලයේ සිදුවීම් පිටුපස සිදුවෙන නොපෙනන නොසොයන දේ ගැන ද විමර්ෂකයෝ විවිධ දේ කියති. එම කථා අතරට ඊශ්‍රායල් මොෂාඩ් ඇමෙරිකන් සී.අයි.ඒ නම් ද අතරින් පතර ඇසීමටද ලැබෙන්නේය. මේ අනුව ප්‍රංශය තුළ මුස්ලිම් අන්තවාදී සංවිධාන ප්‍රධාන ගොදුරක් බවට පත්වී ඇත්තේය. එහෙයින් ප්‍රංශ ජාතිකයන්ට විදේශ ගත වීමට අනාරක්ෂිත ස්ථාන ලෙස අප්‍රිකාවේ හා මැදපෙරදිග සමහර රටවල් රතු වර්ණයෙන් ආලේප කොට සිතියම් ප්‍රදර්ශනය කරමින් ප්‍රංශ වැසියෝ හා ප්‍රංශය රැක ගැනීමට ආරක්ෂක අංශ දිවා රාත්‍රි නොතකා උකුසු ඇස් යොමු කරමින් සීරුවෙන් සිටියි.
එදා වසර පහකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු බෝම්බ භීතිකා රෝගය අද ප්‍රංශයට වැළඳී ඇත්තේය.නමුත් ප්‍රංශයේ අම්මා , තාත්තා , අයියා, නංගි, මල්ලි පවුලේ සියල්ලෝම තවමත් එකම බසයේ එකම දුම්රියේ ගමනේ යති.


COMMENTS
මදුර ඔයා කොහොමද කියන්නේ දැන් ලංකාවේ එහෙම ජිහාඩ් නෑ කියලා. මොනවද තියෙන සාක්ෂි? මම කියන්නම් තියෙන බවට සාක්ෂි. (නදී)
බටහිරයා බහිරවයා කියල කතාවක් තියෙනවා දන්නවද ? (නදී)
ලංකාවත් ජිහාඩ් රිංගල ඉවරයි තාම වැඩ පටන් ගත්තේ නෑ....... (ස)
ත්‍රස්තවාදය අද වනවිට පිළිලයක තත්ත්වයට පත්වෙලා (නි)
ලංකාවේ ජිහාඩ් නෑ ඔය කියන්නේ පට්ට පල් බොරු ඒවා අහලා ජාති බේද අවුස්සන්න එපා (නදී)
ප්‍රංශයට මේ ගැන හිතන්න තිබුනේ ඉරාකයට බෝම්බ දාන්න ඉස්සෙල්ලයි. කරන්න දෙයක් නැහැ ඇටිකෙහෙල් කෑවනම් විඳවන්න වෙනවා.(අ)
ප්‍රංශය පමණක් නොවෙයි බොහෝ රටවල් ත්‍රස්තවාදයේ ගොදුරක් (නි)
දැන් වනවිට මේක පිළිලයක් තත්ත්වයට පත්වෙලා (නදී)
අපිත් කල්පනාවෙන් හිටියොත් හොඳයි. නේද? (නි)
සමහරු කියනවා අපේ රටෙත් ඇවිල්ලලු. ටිකක් කල්පනා කරලා බැලුවා නම් හොඳයි. අපේ රට ඉල්ලුවා කියල උන්ට තියන පලේ මොකද්ද? බොරුවට අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගන්න එපා. නිකක් නැති ජිහාදියක් (නදී)
කවුරුත් කැමති නැහැ නේද ත්‍රස්තවාදීන් ගැන කතාකරන්න? (නි)
නයි ඇතුලේ දාගත්තම ඔහොම තමා පුතේ (නදී)
අනේ සෞදි අරාබියේ නම් ඕවා නැහැ. මොකෝ කතාවක් තියනවනේ චන්ඩියාගේ ගෙදර බයක් නැහැනේ කියා (නදී)
ප්‍රංශයටත් දැනෙන්න ඕනේ ඔය බිය .මොකද අපේ රටට කෙනහිලිකම් කරන යුරෝපා සංගමයේ එක රටක් ඕක .කොටින්ට තහනම ඉවත් කරන්න ඔය අයත් උදව් කරලා තියෙනවා .කළකම් පල දෙනවා කියන්නේ ඕකට.(හේ)
මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේ ගැන (නි)
ත්‍රස්තවාදය දැන් හැමටම හිසරදයක් වෙලා හමාරයි (නි)
ප්‍රංශයට හොඳ පාඩමක්.(හේ)
මේවා ඇතිකරපු කට්ටියට නම් අබසරණයි. (නදී)
"ලංකාවත් ජිහාඩ් රිංගල ඉවරයි තාම වැඩ පටන් ගත්තේ නෑ....." මෙහෙ වැඩ පටන් ගන්න ගියොත් ඉතුරු ටිකත් කපාගන්නවා. (නදී)
අද ප්‍රංශයේ ආර්ථිකය බිංදුවටම බැහැලා. ඒත් තවමත් අනුන්ගේ රටවල යුද්ධ වලට වියදම් කරන්නේ බිලියන ගණන් වලින්. ඒත් ගුටිකන්නේ එයාලගෙන්මයි (නි)