ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ කැමරා ශිල්පීන්ට පහර දුන් නීතීඥයන් පිරිසකට එරෙහිව වහා කි‍්‍රයා මාර්ගයක් ගන්නැයි කර්ණාටක මහ ඇමැතිට බල කරමින් ඉන්දියාවේ බැංගලෝර් ප‍්‍රාන්තයේ මාධ්‍යවේදීහු පෙරේදා (3) විරෝධතාවක් පැවැත්වූහ. බැංගලෝර් ප‍්‍රාන්ත මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් කිහිප දෙනකු නීතීඥවරුන්ගේ පහර කෑමට ලක් වූයේ ඉකුත් සිකුරාදා (2) ය. එම අවස්ථාවේ ඔවුහු නීතීඥවරුන් පැවැත් වූ උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගොස් සිටියහ. නීතිඥයන් එම විරෝධතාව පැවැත්වූයේ ඉකුත් සිකුරාදා (2) බැංගලෝර් මහාධිකරණය ඉදිරිපිටදීය. විරෝධතාවට හේතු වූයේ පොලිස් ප‍්‍රහාරයකින් නීතීඥවරයකු තුවාල ලැබීමය. නීතීඥවරුන් චෝදනා කරන්නට වූයේ ඔවුන්ට සිදුවූ අසාධාරණයට නිසි ලෙස ප‍්‍රසිද්ධියක් ලබා දීමට මාධ්‍ය අපොහොසත් වූ බවය. ඔවුන් මාධ්‍යවේදීන්ට පහර දී ඇත්තේ එම නිසාය. එම අවස්ථාවේදී කලහකාරීව හැසිරුණු නීතීඥයන් මර්දනය කිරීමට පොලිස් නිලධාරීහු පැමිණියහ. නීතීඥයන් ඔවුන්ට බෝතල් සහ ගල්මුල් වලින් පහර දුන් අවස්ථාවේදී මාධ්‍යවේදීහු කැමරා ශිල්පීහු සහ පොලිස් නිලධාරීහු බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ එම පිරිස් රෝහල් ගත කරන අයුරුද සජීවී ලෙස රූපවාහිනී පුවත් සේවා වාර්තා කර තිබුණි. පෙරේදා (3) පැවැති විරෝධතාවට බැංගලෝර් ප‍්‍රාන්තයේ සෑම මාධ්‍ය ආයතනයකම ප‍්‍රධානීහු සහ මාධ්‍යවේදීහු එක් වූහ. ”අප කර්ණාටක මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන්ට පහර දුන් එම නීතීඥයන්ට එරෙහිව වහා පියවරක් ගෙන ඔවුන්ට දඬුවම් ලබා දෙන්න කියා” යැයි විරෝධතාවයට එක් වූ බැංගලෝරයේ ‘ස්වර්ණ’ රූපවාහිනී සේවයේ ප‍්‍රධානී විෂ්වේශ්වර් භාත් පැවැසීය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd