අවසන් සටනේ ඉලක්කයන් ලෙස ඉන්දියාව හා ඇමරිකාව නම් කර අයිඑස් අන්තවාදීන් විසින් නිකුත් කැරුණු රහසිගත ලියවිල්ලක තොරතුරු අනාවරණය කරගැනීමට ඇමරිකා බුද්ධි අංශ සමත්ව තිබේ.

මෙම ලියවිල්ලෙන් ආසියා කලාපයේ කි‍්‍රයාත්මක වෙනත් අන්තවාදී සංවිධානයන්ටද තමන් හා අත්වැල් බැදගන්නැයි අයිඑස් සංවිධානය ආරාධනා කර තිබෙන අතර සියලූදෙනා එක්ව කරන අවසන් සටනකින් පසු ඉස්ලාමික කැලිපේටය පිහිටුවීමට හැකිවනු ඇතැයිද එහි සදහන්ය.

පකිස්තානයේ කි‍්‍රයාත්මක අන්තවාදී සංවිධානයන්ට මෙම ලියවිල්ලේ වැඩි තැනක් වෙන්ව ඇතැයි එය විමර්ෂණය කර ඇති විශේෂඥයින් කියයි.

ඉන්දියාවට පහර දීමේ තැතත් ගැනද සදහන්ව ඇති හෙයින් මෙය කිසිසේත්ම සුලූවෙන් තැකිය නොහැකියැයි ඔවුන්ගේ මතයයි.

අයිඑස් සංවිධානය දියත් කිරීමට සැළසුම් කර තිබෙන විනාශකාරී මෙහෙයුම් කිහිපයකම තොරතුරු පසුගිය සමයේ අනාවරණයවූ අතර ඇෆ්ගනිස්ථානයේ සිට තම මව්රට බලා යමින් සිටින ඇමරිකා සෙබළුන් ඉලක්කර කර එල්ල කිරීමට සැළසුම් කර තිබූ ප‍්‍රහාරය එවැන්නකි.

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන ඉන්දියාව පවසන්නේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.

අයිඑස් සංවිධානයට බැදීමට යැයි කියා ඉන්දියාවෙන් පිටවීමට තැත් කළ 25 දෙනෙකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔවුන් පුනරුත්ථාපනය සදහා යොමුකර තිබෙන බවද ඉන්දියා බළධරයින් කියයි.

අයිඑස් සංවිධානයේ මුදල් බලය හමුවේ ඔවුන්ට න්‍යෂ්ඨික අවි විකිණීමට ඇතැම් රටවල් පෙළඹෙනු ඇතැයි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය රාවෝ සිං අනතුරු අගවයි.ඔහු නොකියා පහර එල්ල කරන්නේ පකිස්තානයටය.

එසේවුවද අයිඑස් සංවිධානයේ අවි ශක්තිය සළකා බලන විට ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා පවසන දෙයද දැඩිව සැළකිල්ලට ගතයුතුව තිබෙන්නකි.