ඕස්ට්‍රේලියාවේ ‘තන්ඩර්ස්ටෝම් ඇත්ස්මා’ තත්ත්වයෙන් මියගිය අට දෙනා අතර ශ්‍රී ලාංකිකයකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය ශ්‍රී ලාංකිකයා පනස් අට හැවිරිදි රංජිත් පීරිස් නැමත්තකු වන අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී එසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඕස්ට්‍රේලියාවට පසුගිය සතියේ බලපෑ කුණාටු තත්ත්වයෙන් පසු කාලගුණ තත්ත්වය වෙනස් වී ඇති අතර එයින් ද ඕස්ට්‍රේලියා වැසියන් පීඩාවට පත්ව ඇතැයි වාර්තා විය.
මේ තත්ත්වයෙන් වැඩි බලපෑමක් සිදු ව තිබුණේ ඕස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වූ මෙල්බර්න් නුවරටත් වික්ටෝරියා ප්‍රාන්තයටත් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කුණාටු තත්ත්වයත් ඉන් පසු ඇති වූ කාලගුණ වෙනස්වීම් සම්බන්ධයෙන් එරට බලධාරීන් ජනතාව දැනුම්වත් කර නැතැයි ද එරට මාධ්‍ය පවසයි.
කුණාටු තත්ත්වයෙන් පසු ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වු නිසා දහස් ගණන් රෝහල්ගත වී ප්‍රතිකාර ලැබූ අතර එම සංඛ්‍යාව 8,500ක් පමණ වු බව බලධාරීහු කියති.
ඇති වූ හදිසි තත්ත්වය නිසා ඕස්ට්‍රේලියා ලධාරීන්ට සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට සිදු විය.
“මගේ තාත්තට සිහිය නැති වුණා. විනාඩි හතළිස් පහක් විතර ඔහු සිහිය නැතිව හිටියා. ඔහුට හුස්ම ගන්න බැරි වුණා” යැයි රංජිත් මහතාගේ පුතා පවසයි.
තන්ඩස්ටෝම් ඇස්මා නැමැති ඇදුම රෝගී තත්ත්වය ඇතිවනුයේ ඉහළ පරාග හා ඉහළ ආර්ද්‍රතාවක් ඇති අවස්ථාවකදීය. කුණාටුවෙන් පසු ඇති වන වර්ෂාව ද, සුළඟේ පාව යන පරාග කොටස් ද ඊට හේතු වේ. මෙම පරාග කොටස් පෙනහලුවලට ඇතුළු වී හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි.
විදෙස් මාධ්‍ය ඇසුරිනි
COMMENTS
මනෝජ් සහ සෑම් දෙදෙනාම හරි.....ඔය දෙදෙනාම ඔය වාසනාවන්ත රටේ යහතින් ජීවත් වනවා ඇති සිතමි....මගේ නෑදෑ සොයුරෙක් කලකදී ඔස්ට්‍රේලියාවට ගොස් එය ජීවත් වීමට නුසුදුසු රටක් යයි පැවසුවා...එහෙත් පසුව ඔහුගේ පුතාට පුරවැසිභාවය ලැබුනාට පසුව එහි ගොස් මෙවැනි වාසනාවන්ත රටවල ජීවත් වීමට භාග්‍යය ලැබීම පෙර කල පිනක් යයි පැවසුවා.. අපේ රටවල මෙවැනි ව්‍යවසන නොමැති යයි අමතක වීමද එක්තරා විදියකට භාග්‍යයක්.. (ර)
යුරෝපයේ වසන්ත කාලය එළඹෙනවිට මල් පිපෙන්න පටන්ගෙන විවිධ පරාග වර්ග වාතයට මුසුවෙනවා. එක පරාග වර්ගයකට හෝ වර්ග කීපයකට අසාත්මිකතා දක්වන අය බොහෝ සිටිනවා. ලස්සනම ඍතුවේ ඔවුන් ඉන්නේ ඇස් රතු කරගෙන, ඇස් වල කඳුළු කබ පිසදමමින් සහ අසීමාන්තිකව කිවිසුම් අරිමින්ය.
කණාටුදායක පුවතක් (නි)
මේක රටේ ප්‍රශ්නයක් වත් වාසනාවත් නොවෙයි එක එක රට වල ඇති දේශ ගුණය සහ වායුගෝලයේ ඇති ජල වාෂ්ප අනුව වායුගෝලයේ තිබෙන කුඩා අංශු ක්‍රියා කරන ආකාරයි. ඕස්ට්‍රේලියාවේ උතුරට වෙන්න තියෙන ඩාවින් , කෙයාන්ස් වගේ නගරවල මෙහෙම නෑ (බ)
ලංකාවෙන් එද්දී නිරෝගීව සිටි සමහර අය මේ තත්වයට පත්වෙනවා.අර කිවුවත් වාගේ මෙවැනි අයට ළමයෙක් අරන් පාක් එකකටවත් යන්න බැහැ. මල් වල රේණු, පරාග කොටස් සුළඟේ පාවී යන කාලයට ඇස් රතුකරගෙන,හොටු සුරමින්, කිවිසුම් ඇරිල්ලේ ඉවරයක් නැහැ. බොහෝදුරට බෙහෙත් වලින් පාලනය කරගෙන දෛනික කටයුතුවල නිරත වෙනවා. (නි)
මගේ රට මට වාසනාවන්.
මනෝජ්, ඔබ කියන දේ හරි. ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට එන කිසිම කෙනෙකු ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නැහැඔ. නමුත් ඕස්ට්‍රේලියාවේ වසර තුන හතරක් ඉන්නකොට ලංකාවේදී අපේ ඇඟේ තිබුන ප්‍රතිශක්තිය හීනවෙලා ටික ටික පීනස, ඇදුම, අසාත්මිකතාවය ඇතිවෙනවා. ලංකාවේදී දුහුවිල්ල, දුම සහ අනිකුත් අපිරිසිදු තත්වයන් යටතේ ඉතාම නිරෝගීව සිටියවුන් මෙහේ ඇවිත් ටික කලකින් අල්ලපු ගෙදර තණකොළ කප්පාදු කරනකොටත් ඉවරයක් නැතුව කිවිසුම් අරිනවා (නි)