
චීනය කැලැඹීමෙන් පසු, වියට්නාමයට කඩා වැදුණු ‘යාගී’ සුළි කුණාටුව එරට 14 දෙනෙක් බිලිගත් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම 2024 වසරේ ආසියානු කලාපයට කඩා වැදුණු දරුණුතම සුළිකුණාටුව ‘යාගී’ යැයි ජගත් කාලගුණ විද්‍යාඥයෝ පවසති.
‘යාගී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 203 ක වේගයකිනි. සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ නායයෑම් රැසක් ද හටගත්තේය. ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ ගණන 176 ක් යැයි වියට්නාම රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd