
සාම වැඩපිළිවෙළ යටතේ, ගාසා තීරයේ හමාස් පලස්තීන සංවිධානය නිරායුධ නොවන්නේ නම්, හොඳින් හෝ නරකින් එම සංවිධානය නිරායුධ කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඊශ්‍රායල සංචාරය මෙන්ම ඊජිප්තු සංචාරය ද අවසන් කර ආපසු වොෂින්ටන් නුවරට යෑමෙන් අනතුරුවය. තමන් හමාස් සංවිධානයේ නායකයන් සමඟ කතා කළ බවත්, නිරායුධ වෙනවාදැයි විමසූ විට, එසේ කරනවා යැයි ඔවුන් සහතික වූ බවත් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය.
ඊජිප්තුවේ දී ට්‍රම්ප් ලෝක සහ කලාපීය නායකයන් ද පිරිවරා ගනිමින්, ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කිරීමේ සාම සැලැස්මකට අත්සන් කළේය. මෙය ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ සාම වැඩපිළිවෙළකි. තුර්කිය, කටාර් රාජ්‍යය, ඊජිප්තුව, සෞදිය යන රටවල මැදිහත් වීමෙන් ට්‍රම්ප් සාම සැලැස්ම සකස් කර ඇත.
සාම සැලැස්මේ එක් කරුණක් වන්නේ හමාස් සංවිධානය නිරායුධ විය යුතුයි යන්නය. මෙම කාරණාවට හමාස් සංවිධානය මෙතෙක් කැමැත්ත පළ කර නැත. හමාස් යනු ගාසා තීරය පාලනය කරන කණ්ඩායමයි. මෙම කණ්ඩායම දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. හමාස් සංවිධානය ගාසා තීරයේ බලයට පැමිණියේ 2007 වසරේ දී ගාසා පලස්තීනුවන්ගේ ඡන්දයෙනි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොඳින් හෝ නරකින් හමාස් නිරායුධ කරනවා