
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවේවි යැයි සහතිකයක් ලැබෙන්නේ නම්, රුසියාව පහර දී අල්ලා ගත් යුක්රේනයේ පළාත්, රුසියන් පාලන ප්‍රදේශ ලෙස සලකන බව සෙලෙස්කී පැහැදිලි කර තිබේ.
සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ යුක්රේනය රුසියාවට අයත් කොටසක් විය. 2014 වසරේ සිට රුසියාවත් යුක්රේනයත් අතර පවතින දේශසීමා ගැටුම්වලින් පසු අද 2024 වසර වෙද්දී, යුක්රේනයට අයත් භූමියෙන් සියයට 20 ක් පමණ ඇත්තේ රුසියන් හමුදා පාලනය යටතේය. ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවන්නේ නම්, රුසියාවට ‘පරිත්‍යාග’ කිරීමට යුක්රේන ජනාධිපති සූදානම් වන්නේ එම භූමි ප්‍රදේශ යැයි ද පැවැසෙයි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේන ජනාධිපති සෙලේන්ස්කීගේ රජය උත්සාහ ගන්නේ යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමටය.
එය අසල්වැසි රුසියාවට විශාල තර්ජනයකි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇත්තේ ද මේ නිසාය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් සැණින්, පැය 24 ක් ඇතුළත යුද්ධය නිමා කරන බවය. මේ වනවිට ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ ද යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ට්‍රම්ප් විශේෂ නියෝජිතයකු ද යුක්රේන රුසියන් යුද්ධය සම්බන්ධයෙන් පත් කර ඇත. ට්‍රම්ප් ගැන පැහැදීමකින් කතා කරන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පවසා ඇත්තේ ට්‍රම්ප්ට කන් දීමට රුසියාව සූදානමින් බවය.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
385
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්