
සිරියාවේ අසාද් බාලනය පෙරළා රටේ බලය අල්ලා ගත් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීන් සමඟ කටාර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් සාකච්ඡා පැවැත්වූහ.
සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අල්ලා ගැනීමට හැකිවූයේ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ සහාය ඇතිවය. කටාර් ඇතුළු සිරියාවේ අසල්වැසි මුස්ලිම් රාජ්‍යයන් මේ වනවිට සිරියාවේ බලය අල්ලා ගත් විපක්ෂ කණ්ඩායම් සහ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ නායකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.
කටාර් රාජ්‍යය පවසා ඇත්තේ තම නියෝජිතයන් ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සාමාජිකයන් හමුවී සාකච්ඡා කළේ, බල හුවමාරුවක් සිදුවන මෙම සංක්‍රාන්ති සමයේ එම කටයුතු සාමකාමීව සිදුවන්නේ කෙසේදැයි සම්බන්ධව සහ රටේ පොදු ආයතනවල කටයුතු සිදුවන්නේ කෙසේදැයි යන්න පිළිබඳවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.