
ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ ‘ටයිටැනික් නැවේ ඛේදවාචකය’ සිහිපත් කරන බව පවසමිනි.
සුඛෝපබෝගී නෞකාව, අයිස් කුට්ටියේ හැපෙන අයුරු නෞකාවේ සිටි මගීන් විසින් ඔවුන්ගේ ජංගම දුරකතනවලින් රූගත කර ඇති බවත්, එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති බවත් වාර්තා වේ. අයිස් කුට්ටියේ හැපීමෙන් නෞකාවට හෝ නෞකාවේ ගමන් කරමින් සිටි අයට හෝ කිසිදු අනතුරක් සිදු නොවිණි.
‘කානිවල් ස්පිරිට්’ නෞකාව බාධාකින් තොරව, දින 7 ක කෲස් සවාරිය අවසන් කරමින් ඇමෙරිකාවේ වොෂින්ටනය බලා පැමිණි බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.