
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය උපරිම සංයමයකින් විසඳා ගන්නා ගන්නා මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.
ගැටුම් තවත් උග්‍ර නොවීමට වගබලා ගන්නැයි ද මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලයි. එමෙන්ම ඕනෑම ගැටලුවක් අන්‍යෝන්‍ය මැදිහත්වීමක් හරහා සාමකාමීව විසඳා ගැනීම කළ හැකි බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත.
මේ අතර අද දිනයේ ද ඉන්දු පාකිස්තාන දේශසීමාවේ වෙඩි හුවමාරු සිදුවුණු බව පැවැසෙයි. එයින් කිසිවකුටවත් තුවාල සිදු නොවුණු බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd