IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


සාම සැලැස්ම රුසියාවට

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සකස් කළ සාම සැලැස්ම, රුසියානු රජයට යොමු කරන බව ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් කියයි.

මෙම සාම සැලැස්මට අදාල දින 30 ක සටන් විරාමයට මේ වනවිටත් යුක්රේනය කැමැත්ත පළ කර ඇත. ඇමෙරිකන් ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, තමන් ඉදිරි දින කීපයේ දී රුසියාවට ගොස් රුසියන් ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් හමුවී, එම සාම සැලැස්ම ඉදිරිපත් කරන බවය.

මේ අතර, රුසියනව් හමුදා පහර දී අල්ලා ගත් යුක්රේනයේ කර්ක්ස් පළාතේ සංචාරය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. පුටින්, කර්ක්ස් පළාතට ගියේ පළමු වරටය. ඔහු හමුදා ඇදුමකින් සැරසී සිටියේය.

සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රුසියාව ඇමෙරිකාවෙන් ඉල්ලීම් කීපයක් ඉල්ලනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම, රුසියාව අල්ලා ගත් යුත්රේන ප්‍රදේශ රුසියාවට දී යුක්රේන හමුදා ඒවායින් ඉවත් වීම ආදිය එම ඉල්ලීම් වනු ඇත.

(අල් ජසීරා)



අදහස් (0)

සාම සැලැස්ම රුසියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1457 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1309 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 473 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site