
ඉරාන රජය තරයේ ප්‍රතික්ෂේප කළත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඉරාන නායකත්වයේ ‘නිවැරදි පාර්ශ්වකරුවන්’ සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසයි.
ට්‍රම්ප් දිගින් දිගටම පවසන්නේ, තම කණ්ඩායම එම සාකච්ඡාවලට යොමු වීමට තීරණය කළේ ඉරානය දිගින් දිගටම කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවය. ඉරානය ඒ බව ප්‍රසිද්ධියේ පිළිනොගන්නා බවත් යුද්ධය අවසන් කිරීමට ඔවුන්ට ද දැඩි අවශ්‍යතාවක් ඇති බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත
ඔවුන් (ඉරාන නායකත්වයේ නිවැරදි පාර්ශ්වකරුවන්) තෙල් සහ ගෑස්ආශ්රිතව ඉතා වටිනා ‘විශාල තෑග්ගක්’ තමන් වෙත ලබා දී ඇති බවට ට්‍රම්ප් පවසයි. ඉදිරියේ දී ඇති කර ගන්නා සාම ගිවිසුමක් ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි බව ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.
සාකච්ඡා පැවැත්වෙන බැවින්, ඉරානයේ බලශක්ති යටිතල ව්‍යුහයන් වෙත එල්ල කරන ප්‍රහාර දින පහක කාලයකට අත්හිටුවීමට ද ට්‍රම්ප් පසුගිය දා තීරණය කළේය. ට්‍රම්ප්ට අනුව, ඉරාන නායකත්වයේ නිවැරදි පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඔහුගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්ය.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සාකච්ඡා පවත්වන්නේ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සමඟ විය හැකි බවය. එසේ වුවත්, ඉරාන රජය පමණක් නොව, කථානායක ගලිබාෆ් ද ඇමෙරිකාව සාකච්ඡා සිදුවන බව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
ඉරාන දේශපාලන ක්‍රමය අනුව, ඇමෙරිකාව සමඟ ඕනෑම සාකච්ඡාවකට එරට නව උත්තරීතර නායක මුජ්තබා ඛමේනිසහ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම අනුමැතිය නොමැතිව පවත්වන කිසිදු සාකච්ඡාවකට ඉරානය තුළ වලංගුභාවයක් හිමි නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd