IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලෝක නායකයෝ සුබ පතති

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් හිමිවිය.

තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, දිවුරුම් දුන් ජනාධිපති ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට සූදානම් බවය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද එක්ස් ගිණුම ඔස්සේ ට්‍රම්ප්ට සුබ පතා ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ට්‍රම්ප්ට හැකිවනු ඇතැයි විශ්වාස කරමිණි.

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම සිදුවූයේ ගෘහස්ථව, වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේය. දිවුරුම් දීමේ උළෙල මෙසේ ගෘහස්ථව පැවැත්වූයේ ළිමහනේ පැවැත්වීමට නොහැකි තරම් දැඩි ශීත කාලගුණයක් පැවැති බැවිනි. ට්‍රම්ප්ට සහාය දැක්වූ බිලියනපතියෝ, කැබිනට් මණ්ඩල සාමාජිකයෝ සහ ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයෝ දිවුරුම් දීමේ උළෙලට සහභාගී වී සිටියහ.

ගතවුණු සිවු වසරක කාලයේ, ඇමෙරිකානුවන් දැඩි ලෙස අසාධාරණකම්වලට මුහුණ දුන් බවත්, බයිඩන් පරිපාලනය ඊට වඩ කිවයුතු බවත් 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු පළමු වරට ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. 

ඇමෙරිකාවේ සම්ප්‍රදායික දේශපාලනයෙන් පරිබාහිරව, දේශපාලනයට අවතීර්ණ වුණු පුද්ගලයකු ලෙස ට්‍රම්ප් සැලකෙයි. දිවුරුම් දීමෙන් අනතුරුව, පළමු වරට ජාතිය අමතද්දී, ට්‍රම්ප් දැඩි ලෙස බයිඩන් පරිපාලනය විවේචනය කළේය.

ට්‍රම්ප්ගේ දිවුරුම් දීමට කැපී පෙනෙන රාජ්‍ය නායකයන් කිසිවකු සහභාගී වී සිටියේ නැත. පැමිණ සිටි විදෙස් රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් අතරින් කැපී පෙනුනේ චීන ජනාධිපති ෂී ජින්පින් වෙනුවට චීන උප ජනාධිපති හැන් ෂෙන්ග්, ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, සහ ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් බව පැවැසයි.

දිවුරුම් දීමට සහභාගී නොවුණත්, දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප්ට සුබ පැතූ නායකයන් අතර, ධුරයෙන් ඉවත් වන බව දැනුම් දුන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද සිටී. ජස්ටින් ටෲඩෝ ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට එක් හේතුවක් වූයේ ද ට්‍රම්ප් කැනඩාවට නව තීරු බදු පැනැවීමට ගත් තීරණයයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප්ට සුබ පතා ඇත්තේ ට්‍රම්ප් තමන්ගේ හොඳ මිතුරකු බව පවසමිනි. ට්‍රම්ප් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් යැයි ද මෝදිගේ එක්ස් පණිවුඩයේ සඳහන් වෙයි. 
ඊහ්‍රායල අග්‍රාමාක්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ට්‍රම්ප්ට සුබ පැතුවේ ට්‍රම්ප් දිගින් දිගටම අගය කරමිනි. ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගනිමින්, ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමට පියවර ගත්තේ ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වුණු අවස්ථාවේදීය.

ට්‍රම්ප් මීට පෙර, ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි කළේ 2017 සිට 2021 දක්වා කාලයේය. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වූයේ ජෝ බයිඩන්ටය. ට්‍රම්ප්, පසුගිය 2024 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ තවත් ධුර කාලයක් ඉතිරිව ඇති බැවිනි. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද එක්ස් ගිණුම් ඔස්සේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ට්‍රම්ප්ට සුබ පතා ඇත.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලෝක නායකයෝ සුබ පතති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site