IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිය

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වීමත් සමඟ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරි නීතිය පනවා ඇත.

පොලිසිය සහ හමුදාව සමඟ ගැටෙන විරෝධතාකරුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙලෙස ඇඳිරි නීතිය පැනවූ බව ලොස් ඇන්ජලීස් නගරාධිපතිය කැරන් බාස් මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කර ඇත. 

කලහකාරී පිරිස් විසුරුවා හැරීමටත්, විරෝධතා මර්දනයටත්, පොලිසිය සහ හමුදාව යෙදවීමට අණ දුන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. කලහකාරීන් මර්දනයට යෙදවූ හමුදා භටයන් අතරේ, මැරීන් සෙබළුන් ද සිටින බව පැවැසෙයි. 

නගරාධිපතිනී කැරන් බාස්, චෝදනා කර ඇත්තේ, ට්‍රම්ප් මෙසේ හමුදාව යොදවා විරෝධතා මර්දනය කිරීමට උත්සාහ ගැනීම, විරෝධතා තවත් උත්සන්න වීමට හේතුවක් වුණු බවය.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට පසුදා උදෑසන 6 දක්වා යැයි නගරාධිපතිනිය පැහැදිලි කර ඇත. 

සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව පැවැත්වෙන විරෝධතා පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් නුවර පමණක් නොව, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේත් සැන් දියේගෝ නගරයේත් විරෝධතා පැවැත්වෙයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් එරටින් පිටුවහල් කිරීමේ නව විධායක නියෝගයකට අත්සන් කර ඇති අතර, ඒ අනුව, ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සැන්දියේගෝ යන නගරවල සංක්‍රමණික වැටලීම් ආරම්භ විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site