සයිබීරියාවේ සිරකඳවුරක සිටිද්දී, රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි මියගියේ, ඔහුට වස දීමක් නිසා යැයි පරීක්ෂණවලින් අනාවරණය වූ බව නෙවල්නිගේ බිරිඳ යුලියා නෙවල්නි චෝදනා නගයි.
නෙවල්නිගේ මරණ පරීන්ෂණය පැවැත්වෙද්දී, ඔහුගේ රුධිර සාම්පල රහසේ ලබාගැනීමට යුලියා සහ ඇයට හිතවත් කණ්ඩායමක් කටයුතු කර ඇති අතර, එම සාම්පලවලින් අනාවරණය වී ඇත්තේ ඇලෙක්සි මියගියේ මාරක විෂක් ශරීරගත විමෙන් යැයි යුලියා පැහැදිලි කර ඇත.
මියයන අවස්ථාවේදී, රුසියන් රජය විසින්, 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි රඳවා තබනු ලැබුවේ රුසියාවට අයත් සයිබීරියාවේ, අධික සීතල පළාතක පිහිටි දණ්ඩන කඳවුරකය.
මේ අතර, නෙවල්නිගේ බිරිඳ කරන මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් පවසා ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියන් විපක්ෂ නායකයා මියගියේ විෂ ශරීරගත වෙලා