රුසියන් හමුදා සමඟ සටනට ගිය යුක්රේන සොල්දාදුවන් 1,300 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේනයේ කීව් අගනුවර රැදී සිටින සෙලෙන්ස්කී මෙසේ පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. රුසියාව පවසන ආකාරයට රුසියන් හමුදාව මේ වනවිට කීව් අගනුවර මුළුමනින්ම වට කර ඇති අතර, නගරය අල්ලා ගැනීම සඳහා පහරදීම් සිදුකරයි.
ගැටුම්වලින් මියගිය යුක්රේන සොල්දාදුවන් ගණන යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මධ්‍ය හමුවේ අනාවරණය කළ පළමු අවස්ථාව මෙයයි.
යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ රුසියන් සොල්දාදුවන් 600 ක් පමණ තම අත්අඩංගුවේ පසුවන බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කියා සිටියේය.
(ඒ.එෆ්.පී.)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යුක්රේන හමුදාවේ 1,300 ක් මියගිහින්