
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළදැක්වීය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවක් ඇති කරමින්, රැකියා උත්පාදනය වැඩි කිරීමට, යටිතල පහසුකම් නැංවීමට සහ සුබසාධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට හින්දු ජාතිකවාදී ‘භාරතීය ජනතා පක්ෂය’ ප්‍රතිඥා දී ඇත.
ඉන්දීය මහ මැතිවරණය ලබන 19 වැනිදා ආරම්භ වෙයි. අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය යළිත් වරක් විශිෂ්ඨ ජයක් අපේක්ෂා කරයි.
19 වැනිදා ආරම්භවන මහ මැතිවරණය මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන දීර්ඝ වෙහෙසකර ක්‍රියාදාමයක් යැයි පැවැසෙයි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ජූනි 4 වැනිදා සිදුවනු ඇතැයි ඉන්දීය මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd