කැනඩාවේ ඔන්ටෝරියෝහිදී මුස්ලිම් පවුලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලටත් තැති ගැන්මටත් ලක් වූ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අඟහරුවාදා පැවැසීය.
මෙවැනි වෛරී සහගත සිදුවීම්වලට එරෙහිව නැගී සිටින මෙන් ලෝකයෙන් ඉල්ලා සිටින බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියේ ය.
මෙම ඝාතනය සැලසුම් සහගතව කරන මෝටර් රථ අනතුරකින් සිදු වූවක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
“කැනඩාවේ ඔන්ටෝරියෝහිදී මුස්ලිම් පවුලක් ඉලක්ක කරගනිමින් කරන ලද සාහසික ප්‍රහාරයෙන් මෙම භීතියට පත්ව සිටිමි. වින්දිතයන්ට, දිවි ගලවා ගත් පවුලට සහ ආදරණීයන්ට හා එම ප්‍රජාවට මම කනස්සල්ල පළ කරමි. ඉස්ලාම් භීතිකාවට සහ අනෙක් සියලු ආකාරයේ ද්වේශ සහගත ක්‍රියාවලට එරෙහිව අපි නැගිය සිටිය යුතු” යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම සිදුවීම වෛරය මුල් කරගත් ත්‍රස්ත ප්‍රහාරයක් යැයි මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉකුත් දිනෙක පැවැසීය.
මෙම අනතුර සිදුවූයේ ඉකුත් ඉරිදා ය. ට්‍රක් රථයකින් පැමිණි පුද්ගලයකු පැමිණ මෙම අනතුර සිදු කර ඇති අතර එම අනතුරෙන් පුද්ගලයන් සිවුදෙනෙක් මියගියහ. තවත් එක් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කෙසේ නමුත් එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නැතැයි වාර්තා වේ.
ඒ.එන්.අයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේද මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කොට ඇත.. අහිංසකයන්, දරුවන් සියගාණක් මිය ගොස් දහස් ගණනක්.. ආබාධිත වී ඇත. මේ ගැනත් නිකමට මෙන් කණගාටුව පලකරන්න ලංකාවේ පවතින දේශපාලන බල තණ්හාව තුළ කිසිම පක්ෂයක් මේ ගැන පියවරක් ගන්නේ නැහැ. සැකකරුවන්ද නිදහස් කර ඇති බැවිනි..