
මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත මෙයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර මැලේරියා මර්දන එන්නතකට අනුමැතිය දුන්නේ මීට වසර දෙකකට පෙරය. ‘ආර්.ටී.එස්-එස්’ RTS-S යනුවෙන් එම එන්නත හැදින්වෙයි.
අලුතින් අනුමැතිය ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති ‘ආර්21/මෙට්‍රික්ස්-එම්’ R21/Matrix-M නමැති එන්නතය.
2024 සිට මෙම එන්නත බෙදා හැරීම සිදුවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
(බීබීසී)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.