IMG-LOGO

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා


මස්ක්ට රැකවරණ දෙන්න රුසියාව සූදානම්

ලොව අංක එකේ බිලියනපති, ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ට ඕනෑම වෙලාවක දේශපාලන රැකවරණ ලබා දීමට තමන් සූදානම් යැයි රුසියාව පවසයි. 

රුසියාව මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ හටගෙන ඇති විරසකය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ට්‍රම්ප් සහ මස්ක් අතරේ හටගත් එදිරිවාදිකම් දිනෙන් දින ඔඩුදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පනත, මස්ක්ගේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර, එම පනත හරහා අයවැය හිඟය වැඩිවන බව මස්ක් පෙන්වා දී ඇත. ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවත්, ට්‍රම්ප්ගේ දෙවැනියා ජේඩී වැන්ස් ජනාධිපති ධුරයට පත් කළ යුතු බවත් මස්ක් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.

ට්‍රම්ප්, මස්ක්ට තර්ජනය කර ඇත්තේ, මස්ක්ගේ ටෙස්ලා සහ ස්පේස් සමාගම් සඳහා රජටෙන් ලැබෙන සහන සහ කොන්ත්‍රාත්තු කපා හරින බවටය. තමන් නොමැතිව මස්ක්ට කිසිවක් කළ නොහැකි බවත්, ඔහු උමතුවෙන් ක්‍රියා කරන බවත් ට්‍රම්ප් පවසා ඇත.

මස්ක් පෙරළා ප්‍රතිචාර දක්වා ඇත්තේ, තමන් නොසිටියා නම්, ට්‍රම්ප්ට ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත්, ට්‍රම්ප්ගේ නම ද එප්ස්ටයින් ලිපි ගොනුවල ඇති බවත්ය. එප්ස්ටයින් ලිපි ගොනු යනු මූල්‍යවේදියකු සහ ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔහු සමඟ සම්බන්ධ වූ ඉහළ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳව ඇමෙරිකන් ෆෙඩරල් බලධාරීන් විසින් එකතු කරන ලද ලේඛන එකතුවය.

මීට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමේ කටයුතු මස්ක්ට පවරා තිබුණි. මීට දින කීපයකට පෙර මස්ක් එයින් ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කළේය. දෙදෙනා අතරේ විරසකය ප්‍රසිද්ධියට පත් වීම සිදුවූයේ ඉන් අනතුරුවය.
මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම, ඇමෙරිකන් නාසා ආයතනය සමඟ හවුලේ කටයුතු කරන අතර, එම ගනුදෙනු සියල්ල නැවැත්වීමට ද මස්ක් තීරණය කර ඇතැයි පැවැසෙයි. ඊට අමතරව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය සමඟ ඇතිකරගත් ගිවිසුම් අත්හිටුවීමට ද තමන් සූදානම් බව මක්ස් පවසා ඇත.

මේ අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු වන දිමිත්‍රි මෙඩ්වදේව් සමාජ මාධ්‍ය ඔස්සේ සටහක් තබමින් මස්ක්ගෙන් මෙන්ම ට්‍රම්ප්ගෙන් ද ඉල්ලා ඇත්තේ හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගන්නා ලෙසය. අර්බුදය එසේ සාමකාමීව විසඳා ගන්නවා නම්, තමන් ඊට මැදිහත් වීමට ද කටයුතු කරන බව මෙද්වදේව් වැඩිදුරටත් පවසා ඇත. 



අදහස් (0)

මස්ක්ට රැකවරණ දෙන්න රුසියාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 151 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15811 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site