
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් සල්මාන් කුමරු, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉදිරි සිවු වසරක කාලයේ, සෞදි අරාබිය ඇමෙරිකාව සමඟ ඩොලර් බිලියන 600 ක ආයෝජන ඇති කර ගැනීමට සූදානම් බවය.
සෞදියේ නිල නොවන නායකයා වන්නේ ද මොහොමඩ් බින් සල්මාන්ය. සල්මාන් කුමරු සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි. ට්‍රම්ප් පළමු වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2017 සිට 2021 දක්වා කාලයේය.
එම කාලයේ ට්‍රම්ප් සහ සෞදි කුමරුන් අතරේ පැවැතියේ ඉතා සමීප මිත්‍රත්වයකි. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ පළමු විදෙස් සංචාරය ලෙස තෝරා ගත්තේ සෞදි අරාබියයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd