දක්ෂිණාංශික නීතිඥවරයකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.  වසර ගණනාවක් පුරා එරට ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම් මර්දනය කිරීම, රජයේ වියදම් සියයට 40කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති වන අතර, එස්ප්‍රියෙල්ලා ඇමෙරිකාවේ ද පැසැසුවට ලක්වී සිටී.

48 හැවිරිදි ඩි ලා එස්ප්‍රියෙල්ලා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සාම්ප්‍රදායිකව අගනුවර වන බොගෝටා නුවරදී නොපවත්වා, රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේදී පැවැත්විණි. සන්නද්ධ අපරාධ කල්ලි සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කළ හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ප්‍රතිපත්තිය ඩි ලා එස්ප්‍රියෙල්ලා දැඩි ලෙස විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවය.