සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑලිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව පළතේ සහ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇති විය හැකියි.

උතුරු - මැද , සබරගමුව,දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල විටින් විට තරමක තද සුළං ඇති වේ.