IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බ්‍රසීලයේ හිටපු ජනපති ෆෙඩරල් පොලිස් භාරයේ

චෝදනා රැසකට වරදකරු වී, සිර දඬුවම් නියම වී, ඇපමත නිදහස ලබා, නිවාස අඩසිස්යේ පසුවන බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සරානෝ එරට ෆෙඩරල් පොලිස් භාරයට පත් විය.

හිටපු ජනාධිපතිවරයා පොලිස් භාරයට පත්වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් දෙ මොරායස් දුන් තීන්දුවකට අනුවය.
බලයේ රැදී සිටීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවලට බොල්සරානෝ වරදකරු විය. නඩු විභාගයෙන් පසු සැප්තැම්බර්මා මාසයේ සිර දඩුවමක් නියම වූ අතර අභියාචනා ක්‍රියාවලිය හේතුවෙන් නිවාස අඩස්සියට යොමු කෙරුණි.

නිවාස අඩස්සියේ පසුවන බොල්සරානෝගේ වළලුකරට විශේෂ ඉලෙක්ට්‍රොනික් වළල්ලක් සවි කරමිනි. ඒ අනුව, ඔහුට නිවසින් පිටවී යා නොහැකිය. එසේ වුවහොත් එම වළල්ල මගින් ආරක්ෂක අංශ ඒ බව දැන ගනී.

පසුගිය දා බොල්සරානෝ මෙම වළල්ල ගලයා දැමීමට උත්සාහ කළේ යැයි එම වළල්ලෙන් නිකුත් වුණු සංඥා අනුව පොලිසියට දැනගන්න ලැබුණි. ඒ අනුව පොලිසිය ඔහු අධිකරණයට යොමු කළ අතර, අධිකරණය ෆෙඩරල් පොලිස් භාරයට බොල්සරානෝ පත් කළේය. තමන් මානසික ආතතියට ඖෂධ ලබා ගන්නා බවත්, එම ආතතිය උත්සන්න වීම හේතුවෙන් තමන් ඉලෙක්ට්‍රොනික වළල්ල ගලවා දැමීමට උත්සාහ ගත් බවත් පැවැසෙයි.



අදහස් (0)

බ්‍රසීලයේ හිටපු ජනපති ෆෙඩරල් පොලිස් භාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 161 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 232 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site