
පෝලන්ත වැසියන්ට අපහාස කිරීමෙන් වළකින්නැයි පෝලන්ත අග්‍රාමාත්‍ය මෙටියුස් මොරවිකී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට දොස් නගා ඇත.
පෝලන්ත අග්‍රාමාත්‍යවරයා මෙසේ දොස් නගා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් යුක්රේන ජනාපධිතිවරයා කළ කතාව මුල්කොට ගනිමිනි.
ප්‍රබල ‘නේටෝ’ සාමාජිකයකු වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියාය. 2022 පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේදී යුක්රේන වැසියන් එරටින් පලා ගියේ පෝලන්තයටය. පෝලන්ත රජය එසේ පැමිණි සියලු යුක්රේන වැසියන්ට පිහිට විය.
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට ආයුධ ලබා දීම කළේ ද පෝලන්තයයි. ඒ, ඉක්මනින්, යුද්ධය අවසන් කිරීම සඳහාය කෙසේ නමුත් ඉක්මනින් යුද්ධය අවසන් කිරීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හෝ රජය හෝ උනන්දුවක් නොදක්වන බව පෝලන්තයේ අදහසය.
මේ අතර, තම ගොවීන් ආරක්ෂා කර ගනිමින්, තම ධාන්‍ය වෙළෙඳපොළ රැක ගැනීමේ අරමුණින්, පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව, යුක්රේනයෙන් ආනයනය කරන ධාන්‍ය සඳහා තහනමක් පනවා තිබේ. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට එරට ධාන්‍ය නැව් මගින් කළු මුහුද හරහා අපනයනය ගැටලුවක් වී ඇත. එහෙයින් ඔවුන් ධාන්‍ය යැවීම කළේ පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව ආදී යුරෝපා රටවලටය.
පෝලන්තය, හංගේරියාව සහ ස්ලොවේකියාව, යුක්රේනයෙන් ආනයනය කරන ධාන්‍ය සඳහා තහනමක් පැනවීම යුක්රේනයට ගැටලුවක් වූ අතර පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, යුක්රේන ජනාධිපති පෝලන්තය සමච්චලයට ලක් කළේය. පෝලන්ත අග්‍රාමාත්‍යවරයාගේ කෝපයට මෙය හේතුවක් විය.
මේ වනවිට කඩිනමින් යුද්ධය අවසන් කීරීමට යුක්රේන රජය අපොහොසත් වූ බව පෙන්වා දෙමින්, යුක්රේනයට ආයුධ ලබා දීම ද පෝලන්තය තහනම් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
407
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
447
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෝලන්ත වැසියන්ට අපහාස කරන්න එපා