IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ජෝ බයිඩන් යුරෝපය බලා පැමිණ සිටී. සංචාරයේ පළමු නැවැතුම වූයේ මහා බ්‍රිතාන්‍යයයි.

ජනාධිපති ජෝ බයිඩන්ගේ අට දින මෙම විදෙස් සංචාරයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ, හෙට (11) බ්‍රිතාන්‍යයේ ආරම්භ වන ලෝකයේ ධනවත් රටවල එකමුතුව හෙවත් 'ජී7' සමුළුවට සහභාගීවීමය. ඇමෙරිකන් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහභාගී වන පළමු 'ජී7' සමුළුව මෙයයි. හෙට (11) සිට 13 වැනිදා තෙක් පැවැත්වෙන්නේ 47 වැනි 'ජී 7' සමුළුවය.

බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ මෙන්ම ජනාධිපති ආර්යාව ද වන ජිල් බයිඩන් ද මෙම සංචාරයට එක් වී සිටී. ඊට අමතරව, බයිඩන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් ද සංචාරයට සහභාගී වෙයි.

බයිඩන් ඇතුළු පිරිස රැගත් 'එයාර් ෆෝස් 1' නිල ගුවන් යානය කෝන්වෝල්, නියුකී ගුවන්තොටුපොළට ගොඩබෑවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ බිරිඳ පිළිගැනීම සිදුවූයේ රාජකීය ගුවන් හමුදාවේ ගෞරව මැදය.

බ්‍රිතාන්‍ය සංචාරයේ දී ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඔහුගේ නව බිරිඳ කැරී සිමොන්ඩ්ස් හමුවීමටත්, දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමටත් නියමිතය.

'ජී7' කණ්ඩායමට අයත් වන්නේ ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානයයි. ඊට අමතරව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු කොරියාව යන රටවල රාජ්‍ය නායකයන් මෙවර ආරාධිතයෝ ලෙස සමුළුවට සහභාගී වෙති. 'කොවිඩ් 19' වසංගතය හෙයින්, ඇතැමුන් සමුළුවට සහභාගී වන්නේ වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේය.

'ජී7' සමුළුවෙන් පසු ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන 'නේටෝ' මහ සමුළුවට සහභාගී වීමට නියමිතය. 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාවේ ද මූලිකත්වයෙනි. 'නේටෝ' සංවිධානයට අයත් වන්නේ යුරෝපා රටවල්ය. 'නේටෝ' සංවිධානය පිහිටුවීම සිදුවූයේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමටය.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (0)

පළමු විදෙස් සංචාරය අරඹමින් බයිඩන් යුරෝපයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 473 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 466 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site