
ප්‍රංශයේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කරන බව එරට රජය පවසයි. ප්‍රංශයේ සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරීන් වෝට්‍රීන් පැහැදිලි කර ඇත්තේ මෙම තහනම එලැඹෙන ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව, මුහුදු වෙරළේ, උද්‍යානවල, පාසල් අසල, දුම්රිය සහ බස් නැවැතුම්පොළවල සහ ක්‍රීඩාංගන ආදී පොදු ස්ථානවල දුම්බීම තහනම්ය.
‘අප මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ අනාගත පරපුර ගැන සිතමින්. දරුවන් ගැවසෙන තැන්වලින් දුම්කොළ ඉවත් කළ යුතුයි. දුම්බීමට අයිතිය කාටත් තියෙනවා. ඒත් කුඩා දරුවන් ගැවසෙන්නේ නම්, එම ස්ථානවල දුම්බීම මින් ඉදිරියට තහනම්.’ යනුවෙන් ප්‍රංශ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරීන් වෝට්‍රීන් පැහැදිලි කර ඇත.
ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කරන අයට යූරෝ 135 ක (ඇමෙරිකන් ඩොලර් 153 ක්) දඩයක් නියම වෙයි. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බොන්නේදැයි සොයා බැලීම පොලිසිය විසින් සිදු කරන බව ද ඇමැතිනිය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1343
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1260
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රසිද්ධියේ දුම්බීම ප්‍රංශයේ තහනම්