බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර හමුවක් ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්, බ්‍රිතාන්‍යයේ සංචාරය කරන්නේ බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව් ද සමඟය. ඩවුනින් වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ බිරිඳ බි්‍රජෙත් ත්‍රොග්නෝව් උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් සහ බිරිඳ වික්ටෝරියා විසිනි.
දෙරටට වැදගත් සංක්‍රමණික සහ සරණාගත ගැටලුව සම්බන්ධයෙන්, ස්ටාර්මර් සහ මැක්රොන් අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඊට අමතරව රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට සහාය දැක්වීම සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම සහ රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට යුක්රේනයට සහාය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි්‍රක්සිට්’ ක්‍රියාවලියෙන් පසු, යුරෝපා නායකයකු බි්‍රතාන්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. මැක්රොන් සහ බිරිඳ බි්‍රතාන්‍යයේ දෙවැනි චාල්ස් රජු බැහැ දැකීමට පවා ගියහ. චාල්ස් රජුගෙන් ද ප්‍රංශ ජනාධිපතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ද ප්‍රංශ ජනාධිපතිවරයාට අවස්ථාව උදා විය. ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය අතරේ ඇති මිතුදම් තවත් ශක්තිමත් විය යුතු බවත්, ප්‍රංශය මෙන්ම බ්‍රිතාන්‍යය ද ඇමෙරිකාව සහ චීනය මත පවතින ‘යැපීම්’ නැවැත්වීමට පියවර ගත යුතු බවත් පෙන්වා දුන්නේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රංශ ජනපති මැක්රොන් බ්‍රිතාන්‍ය අගමැති සාකච්ඡා