
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය, මරියාම් නවාස් ෂරීෆ්, එරට පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට පත්වූවාය. පන්ජාබ් ප්‍රාන්ත මහ ඇමැති ධුරයට කාන්තාවක පත්වුණු පළමු අවස්ථාව මෙයයි.
පාකිස්තාන මහ මැතිවරණය නිමා වීමත් සමඟ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්විණි. මැතිවරණය සර්ව සාධාරණ එකක් නොවනු ඇතැයි චෝදනා නගමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.
එහෙයින්, ආසන 371 කින් සමන්විත පන්ජාබ් මන්ත්‍රණ සභාවේ ආසන 220 ක් පහසුවෙන් දිනා ගැනීමට නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සමත් විය. මරියාම් නවාස් මහ ඇමැති ධුරයට පත් වූයේ ඒ අනුවය.
පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් පසු මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ පාකිස්තාන ජනතා පක්ෂය එක් වී, හවුල් රජයක් පිහිටුවීමට සූදානමින් සිටී. එම හවුල් රජයේ නව අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත්තේ නවාස් ෂරීෆ්ගේ බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ්ටය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.