
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා ඇත.
රුසියන් ජනාධිපති පුටින්, එම ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය ආරම්භ කළේ දෙවැනි ලෝක යුද්ධයේ දී නාසි හමුදා පරාජය කර ලැබූ විජයග්‍රහණය සමරමිනි. විජයග්‍රහණ සැමරුම රුසියාවේ මොස්කව් අගනුවර කේන්ද්‍රකො ගනිමින් සිදුවිය.
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ද මැදිහත් වී සිටී. ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ, තෙදින සටන් විරාමය දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට රුසියාව කටයුතු නොකරන්නේ නම්, රුසියාවට තව තවත් සම්බාධක පැනැවීම් සිදු කරන බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd