
ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි.
පුළුල් පරාසයක ද්වීපාර්ශ්වීක සබඳතා තරකර ගැනීමෙන් අනතුරුව, දෙරටට වැදගත් වන ආරක්ෂක ගිවිසුමකට රාජ්‍ය නායකයෝ දෙදෙනා අත්සන් කළහ. ඉන්දියාවත් නවසීලන්තයත් අතරේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.
ඊට අමතරව, අධ්‍යාපනය, ක්‍රීඩා, කෘෂිකර්මය ආදී ක්ෂේත්‍ර යටතේ ද ගිවිසුම් කීපයකට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අත්සන් තැබුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නවසීලන්තයේ ඉන්දියානුවන්ට එරට සුදු අන්තවාදී අදහස් ඇති පාර්ශ්වයන් කෙණෙහිලිකම් කිරීම සම්බන්ධයෙන්, නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කළේය. නවසීලන්තයේ ඉන්දියානුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලුක්සන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ද ලබා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක