IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


දිල්ලියට භූමිකම්පාවක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සහ ඒ අවට ප්‍රදේශ අලුයම භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාව හටගත් අවස්ථාවේදී, දිල්ලි වැසියෝ මහත් සේ බියට පත් වූහ. ඔවුහු නිවෙස්වලින් පිටතට යෑමට යුහුසුළු වූහ. භූමි කම්පාවෙන් අනතුරුව, පසු භූ කම්පන හට ගැනීමේ අවදානමක් ඇතැම් භූ විද්‍යාඥයන් බිය පළ කිරීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සමාජ මාධ්‍ය ඔස්සේ දිල්ලි වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, කලබල නොවී ආරක්ෂා වී සිටින ලෙසත්, පසු කම්පන හට ගැනීමට ඉඩක් ඇති බවත් පවසමිනි.

රික්ටර් මාපකයේ ඒකක 4 ක ප්‍රබලත්වයක් සනිටුහන් කළත්, නවදිල්ලි වැසියන් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, මීට පෙර මේ ආකාරයේ භූ කම්පනයකට තමන්ට මුහුණ දීමට සිදුවී නැති බවය. නිවාස සහ ගොඩනැගිලි කීපයකට සුළු හනි සිදුවී ඇතැයි ද වාර්තා වේ. ජීවිත හානි වාර්තා වී නැත. භූමි කම්පාවේ ප්‍රබලත්වය උතුරු ඉන්දියාf සෙසු ප්‍රාන්තවලට ද දැනුණු බව පැවැසෙයි.

ඉන්දීය භූ විද්‍යාඥයන්ට අනුව, භූමි කම්පාව හටගත්තේ අලුයම 5.36 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටි බව පැවැසෙන්නේ, දිල්ලියේ දවුලා කුවාන් පළාතේ කිලෝ මීටර් පහක් පමණ ගැඹුරිනි.

උතුරු ඉන්දියාව පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් එම භූ තැටි වෙනස් වෙද්දී භූමි කම්පා හට ගැනීම සාමාන්‍ය දෙයකි. එබැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු යැයි ඉන්දීය භූ විද්‍යාඥයන් එරට වැසියන්ට උපදෙස් දී ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

දිල්ලියට භූමිකම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site